උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

දිස්ත්‍රික්ක 19 කට ගං වතුර හා නාය යෑම් අපදා තත්ත්වයක්

පීඩාවටපත් පුද්ගලයින් 125,000 ඉක්මවයි

0 1,731

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 19 කට ගං වතුර හා නාය යෑම් අපදා තත්ත්වයක් බලපා ඇත. විපතටපත් පවුල් 32,126 අයත් පුද්ගලයින් 125,954 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකාර මධ්‍යස්ථානය කියා සිටි.
ඉන් පවුල් 13,832 කට අයත් 54,205 දෙනෙකු ආරාක්ෂිත ස්ථාන 251 ක රඳවා සිටින බව අපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය- අපදා තත්ත්වය හේතුවෙන් නිවාස 43 කට පූර්ණ හානි සිදුවී ඇති අතර තවත් නිවාස 3,225 කට අර්ධ හානි සිදුවී ඇතැයි , ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
දියේ ගිලීම් අකුණු සැර වැදිම් ඉවුරු හා ගස් අතු කඩාවැටීම් හේතුවෙන් මේ වනවිට මිනිසු ජීවිත 13 ක් අහිමිවී ඇත- ඉදිරි දින කිහිපය තුලද වැසි ඇතිවිය හැකි බැවින් අවදානම් සහිත ස්ථාන වලින් ඉවත් වී ආරක්ෂා කාරී ස්ථාන වෙත යන ලෙස වැඩි දුරටත් සඳහන් කරයි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.