උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

■ දශක ගණනකට පසු ගුවාතමාලාවේ ෆුඒගෝ ගනිකන්ද විදාරණයවේ.

25 දෙනෙකු මියගොස් 300 කට ආසන්න තුවාල ලබා ඇත

0

25 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්කරමින් තවත් 300 දෙනෙකට පමණ තුවාල සිදුකරමින් ගුවාතමාලාවේ ෆුඒගෝ විදාරණය වේ.

ගුවාතමාලා අගනුවර සිට කිලෝමීටර් 40 (සැතපුම් 25) පමණ දුරින් නිරිතදිගින් පිහිටි ෆුඒගෝ ගනිකන්ද ගල් කැබලි විසිකරමින් පුපුරායන්නට විය.  ඉන් නැඟුනු අළු සහ කළු දුමාරය මුලු අහස පුරාම විසිරී පැතිරී යන්නට විය.
හදිසියේම විදාරණය වු ලාවා ” එල් රොඩෙඕ “ ගම්මානය යටකරමින් ගලා ගියේ එහි නිවෙස් වල සිටි මිනිසුන්ද මරුමුවට පත්කරමින්ය- මිය ගිය අය අතර කුඩා දරුවන් ද සිටින බව වාර්තාවේ.

ගිනි කන්දෙන් අහසට නැඟුණු අළු ගුවාතමාලා නගරයේ ගුවන් තොටුපලට දැඩි බලබෑමක් එල්ල කළ නිසා ගුවන් තොටුපළ වසා දැමිමට එරට බලධාරීන් තීරණය කර ඇතැයි සඳහන්වේ.
1974 පසු ගුවාතමාලාවේ සිදුවු දරුණුතම විදාරණය මෙය වන බව වාර්තාවන අතර එරට ජනාධිපතිවරයා විසින් රට තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.

People flee El Rodeo village, Escuintla department, 20 miles south of Guatemala City, after the eruption of the Fuego Volcano on Sunday.
ඡායාරූප අන්තර් ජාලය ඇසුරින් (බීබීසී)
post add media course 01

Leave A Reply

Your email address will not be published.