උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

■ මිය ගිය කොටි සාමාජිකයින්ට වන්දි ඉල්ලා ඇමැති ස්වාමිනාදන් ගෙනා කැබිනට් පත්‍රිකාව අත්හිටුවයි.

0

තුන්වන වරටත් කැබිනට් පත්‍රීකාවක් මගින් එල් ටි ටි ඊ යේ මියගිය සාමාජිකයින් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වලට වන්දි ගෙවිය යුතුබවට පුනරුත්තාපන හා නැවත පදිංචි කිරිමේ ඇමැති ඩී. එම් ස්වාමිනාදන් මහතා කළ ඉල්ලීම අමාත්‍ය මන්ඩලය විසින් අත්හිටු විය.

මීට පෙර අවස්ථා දෙකකදී මෙම යෝජනාව කැබිනට් අනුමැතියට ඉදිරිපත් කර තිබුන ද ඇමතිවරු පිරිසකගේ විරෝධතාවය නිසා ඉවත් කරගැනීම සිදුවිය.
මෙම කැබිනට් පත්‍රිකාව, මගින් යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවිම යටතේ ඉදිරිපත් කර තිබුනද, අන්තර්ගතය තුළ යුද්ධයෙන් මිය ගිය සිවිල් වැසියන්ට, විනාශවූ ආගමික ස්ථානවලට හා යුද්ධයෙන් මිය ගිය කොටි සාමාජිකයින්ට ද වන්දිගෙවිමට  සඳහන්ව ඇති බවට වාර්තා වේ.
යුද්ධයෙන් මියගිය සිවිල් වැසියන්ට හා ආගමික ස්ථානවලට සිදුවු හානීවලට වන්දිගෙවිම ගැටලුවක් නොමැති බවද නමුත් යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයින්ට වන්දි ගෙවිය නොහැකි බව ඇමතිවරු ගණනාවගේ අදහසයි.
මෙම ඇමතිවරුන්ගේ විරෝධය සැලකිල්ලට ගනිමින් එම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය අත්හිටුවා ඇති බවට වාර්තා වේ.

post add media course 01

Leave A Reply

Your email address will not be published.