එක්සත් ජනපදයේ සංක්‍රමණික දරුවෝ දෙමාපියනගෙන් වෙන් ව අඬති.
ලක්ශ්රියා ගුණසේන
(BBC News ඇසුරින්)
ඇමරිකා එක්සත් ජනපදයේ සංක්‍රමණික දරුවන් තම දෙමව්පියන් ඉල්ලා අඬන ආකාරය පටිගත ව ඇති අතර, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඔහුගේ ආගමන ප්‍රතිපත්තිය පිළිබඳව නිර්ලජ්ජිතව සිටිනවා.
පසුගිය මාස කිහිපය තුළ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් දෙදහසම ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් වෙන් වී ඇති බව වාර්තා වෙනවා.
ට්‍රම්ප් මහතා පැවසුවේ එක්සත් ජනපදයට ”සංක්‍රමණික කඳවුරක්” වීමට ඉඩ නොදෙන බවයි.
සරණාගතයින් සඳහා එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා පවසන්නේ මෙම ප්‍රතිපත්තිය” පිළිගත නොහැකි” බවයි.
මධ්‍යම ඇමරිකාවේ දරුවන් සිය දෙමව්පියන්ගෙන් වෙන් වී ඇති අතර වයස අවුරුදු හතර හා දහය අතර වයස්ගත වූ බව සිතිය හැකි යි. ඔවුන්ගේ මව හෝ පියා කැඳවමින් දරුවන්ගේ හඬා වැලපීම ඇසීමට පුළුවන්.
සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් ෆිලිපෝ ග්‍රෑන්ඩි බීබීසී වෙත පවසන්නේ නීති විරෝධී සංක්‍රමණික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ”ශුන්‍ය ඉවසීම” ප්‍රතිපත්තිය පිළිගත නොහැකි බවයි.
සඳුදා ට්‍රම්ප් මහතා පැවසුවේ එක්සත් ජනපදය ”සංක්‍රමණික කඳවුරක් නොවන්නාවූ හෝ සරණාගත කඳවුරක් නොවන්නාවූ” බවයි.
