උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

■ කැනඩාවේ විනෝදය පිණිස කංසා භාවිතය නීතිගත කරයි.

0 1,456

ලක්ශ්‍රියා ගුණසේන
(BBC News ඇසුරින්)

විනෝදය පිණිස මරිජුවානා භාවිතා කිරීම කැනේඩියානු පාර්ලිමේන්තුව විසින් නීතිගත කර තිබෙනවා.
කංසා පනත සෙනෙට් සභාවේ ඡන්ද 52-29 කින් පසුගිය අඟහරුවාදා සම්මත වුණා.
ඒ අනුව කැනේඩියානු ජනතාවට කංසා වගා කිරීමට, බෙදා හැරීමට මෙන් ම විකිණීමට ද හැකියාව ලැබෙනවා.
මේ සැප්තැම්බර් මාසයේ දී ම කැනේඩියානුවන්ට නීත්‍යානුකූල ව ගංජා හෙවත් කංසා මිලට ගැනීමට හැකියාව ලැබෙන බවයි වාර්තා වෙන්නේ.
මේ නව කංසා වෙළඳසැල් පිහිටුවීමට රජය සති 8 සිට 12 දක්වා කාලය ලබාදී ඇති අතර, ඒ සඳහා රටේ විවිධ පළාත් හා ප්‍රදේශ හා මහ නගර සභා ප්‍රදේශ ද ලබාදීමට නියමිතයි.
කැනේඩියානුවන්ට ෆෙඩරල් බලපත්‍රලාභීන්ගෙන් අන්තර්ජාලය ඔස්සේ (Online)ද  ඇණවුම් කර මරිජුවානා ලබාගැනීමට හැකියාව ලැබෙන අතර, නිවසේ ද පැළ 04ක් දක්වා වගා කරන්නට පුළුවන්.
එහෙත් ෆෙඩරල් රජය මේ සඳහා කුඩා ඇඟලුම් හා දැඩි සෞඛ්‍ය අනතුරු ඇඟවීම් සහිත සරල ඇසුරුම් යොදාගන්නා ලෙස උපදෙස් ලබා දී ඇති බවත් වාර්තා වෙනවා.
එසේම බාල වයස්කරුවන්ට මරිජුවානා අලෙවි කිරීම තහනම් කර ඇති අතර, එසේ සිදු කළ අයෙකුට වසර 14 දක්වා සිර දඬුවම් නියම කිරීමට ද කටයුතු කර ඇති බව පැවසෙනවා.
කංසා භාවිතය කැනඩාවේ 1923 දී අපරාධයක් ලෙස සැලකුව ද, 2001 වසරේ සිට වෛද්‍යමය භාවිතය සඳහා එයට නීත්‍යානුකූල අවසරය ලැබී තිබෙනවා.
උරගුවේ විනෝදාස්වාදය පිණිස කංසා භාවිතය නීතිගත කළ පළමු රටයි. ඒ 2013 වසරේ දෙසැම්බර් මාසයේදී යි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.