උණුසුම් පුවත්
හිරිහැරයට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දිවයිනට…CID හිටපු අධ්‍යක්ෂක ශානී ප්‍රකාශයක් ලබාදීමටCID යට…අල්ලස් ගත් පැල්මඩුල්ල පොලීසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවටඑ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත අබේසේකරය ඇප ලැබෙයිනායයෑම් නිවේදන පිළිබඳ සැලකිලිමත් වන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයසාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවල උපකාරක පන්ති තහනම්ආපදා ප්‍රදේශවල සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දෙයි…තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ සියළුම බදු වර්ග මුළුමනින්ම අහෝසියි – අමාත්‍ය බන්දුල ගුණවර්ධනඅගමැති ඇතුලු කැබිනට් මන්ඩලය හෙට ඉල්ලා අස්වෙයි ?…ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්

විලියම් කුමරු ජෝර්දානයේ සංචාරය කරමින් ඓතිහාසික මැද පෙරදිග සංචාරය ආරම්භ කරයි.

0 276

ලක්ශ්‍රියා ගුණසේන
(CNN Newsඇසුරින්)

විලියම් කුමරු පසුගිය ඉරිදා ජෝර්දානයට ළඟාවෙමින් පස් දින මැද පෙරදිග සංචාරයේ පළමු නැවතුමට ළඟා වුණා. මෙය බි්‍රතාන්‍ය රාජකීයයෙක් ඊශ්‍රායෙල් පලස්තීන ප්‍රදේශවල නිල සංචාරයක යෙදෙන පළමු අවස්ථාවයි.
කේම්බි්‍රජ්හි ආදිපාදවරයා වන ෂෂ ජෝර්ජ් අබ්දුල්ලා රජුගේ පුත්‍රයා වන හූසෙයින් කුමරු විසින් ජෝර්දානයේ අගනුවර වන අම්මාන් හි ගුවන්තොටුපොළට ගොස් විලියම් කුමරු පිළිගෙන තිබෙනවා.
විලියම් කුමරු එහි ජනතාව සමඟ සැබෑ සහ අඛණ්ඩ සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට අපේක්ෂා කරන බව කෙන්සිංටන් මන්දිරය පවසනවා.
ඊයේ රාත්‍රියේ (සඳුදා) ඔහු ඊශ්‍රාලයට පිටත් වී ඇති අතර, අද දින ලෝක හොලොස්කෝට් සිහිවටන මධ්‍යස්ථානය නැරඹීමෙන් අනතුරු ව, විලියම් කුමරු ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු හා ජනාධිපති රුවෙයින් රිව්ලින් සමඟ රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.
හෙට දිනයේ (බදාදා) විලියම් ගලීසමේන් හි උද්‍යානයේ පිහිටි ජෙරුසෙලමේ පැරණි නගරය, ඔලිව්ස් කන්ද සහ ශාන්ත මරියා මග්දලේන් දේවස්ථානය සංචාරය කිරීමට ද නියමිතයි.
මේ රාජකීය සංචාරයේ ඉලක්කය තරුණ පිරිස් වන අතර, තරුණ සිරියානු සරණාගතයින් හා ජෝර්දාන ශිෂ්‍යයින් හමුවීමටත් ටෙල් අවිව් හි පිහිටි ජෙෆා හි දරුවන් සමඟ සෙල්ලම් කිරීමට ද සූදානමින් සිටින බව වාර්තා වෙනවා.
අප්‍රේල් මස අග භාගයේදී සිය තෙවෙනි දරුවා බිහි කළ කේම්බි්‍රජ්හි ආදිපාදවරිය වූ ඔහුගේ බිරිඳ කැත්රින් මෙම සංචාරයට සහභාගී වී නොවූ බවයි වාර්තා වෙන්නේ.

post add media course 01

Leave A Reply

Your email address will not be published.