උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

සෙනසුරු ග්‍රහයාගේ චන්ද්‍රයා ගැන අලුත් තොරතුරක්

0

ලක්ශ්‍රියා ගුණසේන
(BBC News ඇසුරින්)

සෙනසුරුගේ චන්ද්‍රයා වන එන්කැලදුස් ගේ ජලය තුළ සංකීර්ණ කාබන් අණු ඇති බව විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා.
මෙවන් මිශ්‍රණයක් මින් පෙරදී පෘථිවියේ සහ සමහර උල්කාපාතවලින් සොයාගන්නට ලැබුණා.
චන්ද්‍රයාගේ සාගර ජලය පාදක කරගෙන බලන කල එම ජලය හා උණුසුම් පාෂාණය අතර ප්‍රතික්‍රියාවක් ඇති බවයි වාර්තා වන්නේ.
ජීවය ඇති බවට සාධක නොතිබුණ ද, එන්කැලදාස්හි ජීවීන්ට ජීවත් වීමට හැකි පරිසරයක් ඇති බවයි මෙයින් පැවසෙනවා.
මෙම සොයාගැනීම සිදු කර ඇත්තේ කැසිනි අභ්‍යවකාශ යානයෙන් ලබාගත් තොරතුරු හා දත්ත මඟින්.
කැසිනි යානය විසින් මුල්වරට සෙනසුරු පිළිබඳ නිරීක්ෂණය කළේ 2005 වසරේදී යි.
මහාචාර්ය පෝසට්බර්ග් ට අනුව මීළඟට හැකි විගසින් කළ යුතු තර්කානුකූල පියවර වන්නේ එන්කැලදුස් වෙත නැවතත් ගොස් භූමිෂ්ඨ ජීවියෙකු සිටී දැ යි නිරීක්ෂණය කර බැලීම බවයි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.