උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

ඇමෙරිකාවේ සංක්‍රමණික ළමයි දහස් ගණනක් තවමත් සිය දෙමාපියන් සමඟ එක්කොට නැත.

0

ලක්ශ්‍රියා ගුණසේන
(CNN News ඇසුරින්)

පසුගිය බ්‍රහස්පතින්දා දින එක්සත් ජනපදය පුරා විරෝධතාවන් දියත් වුණා. විරෝධතාකරුවන් විමසන්නේ සිය දරුවන් කොහිද කියා යි. මෙයට හේතුව දරුවන් හා දෙමාපියන් වෙන් කරන ලද සංක්‍රමණික පවුල් තවමත් නිසිපරිදි එක්කොට නොමැති වීමයි.
ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විධායක නියෝගයක් අත්සන් කර ඇති නමුත්, මේ සඳහා සතියකට වඩා වැඩි කාලයක් ගත වී තිබෙනවා.
දේශ සීමාවේ සිටින සංක්‍රමණික පවුල් වෙන් නොකරන ලෙසත්, වෙන් කරන ලද පවුල් නැවත එක් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කර තිබෙන නමුත් මේ වනවිටත් නිදහස් කර ඇත්තේ දරුවන් අතළොස්සක් පමණයි.
දෙමාපියන් තවමත් සිය දරුවන් සොයමින් සිටිනවා. රජය විසින් නර්මාණය කළ අර්බුදයක් විසඳීමට සැලසුම් රජය විසින් මේ වනතුරුත් සකස් කර නොමැති බව නිතීවේදීන් ඇතුළු පිරිස් පවසනවා.
මේ වනවිට දෙමාපියන්ගෙන් වෙන් වූ සංක්‍රමණික දරුවන් 2,047 ක් රජයේ භාරයට ගෙන ඇති බව පැවසෙනවා.
්‍ය්‍යී නිලධාරීන් වාර්තාකරුවන්ට පවසා සිටින්නේ තමන් ඉක්මනින් නැවතත් දරුවන් හා දෙමාපියන් එක් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
අධිකරණ විනිසුරු තීන්දුවට අනුව,
■ සෑම වෙන්වූ දෙමාපියෙකුට ම දින 10 ක් තුළ එනම් ජූලි 6 වනවිට, තම දරුවා හමුවීමට මාර්ගයක් ඇති කිරීමට වග බලාගැනීම
■ අවුරුදු 5ට අඩු දරුවන් දින 14 ක් ඇතුළත එනම් ජූලි 10 වනවිට, තම දෙමාපියන් සමඟ එක් කිරීම
■ සියලු දරුවන් දින 30 ක් තුළ දී එනම් ජූලි 26 වන විට, තම දෙමාපියන් සමඟ නැවත එක් කිරීම
රජයට පැවරෙන වගකීම් බවට පත් වෙනවා.
විදේශ සංක්‍රමණික අයිතීන් පිළිබඳ ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලී ගැලන්ට් පවසන්නේ, මෙම කාර්යය සඳහා හදිසි ප්‍රමුඛතාවයක් ලබාදෙන්නේ නම් මෙම කාර්යය ඉටු කිරීමට ඇති තරම් පහසුකම් සහ සම්පත් එක්සත් ජනපදයට ඇති පරිදි තිබෙන බවයි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.