උණුසුම් පුවත්
ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව හෝ ඇති වුනේ නැත්තම්, මේ අවුරුද්දේ ජානාධිපතිවරණය තියනවා..මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පාගමනක්

ශ්‍රී ලංගමයේ ලාභයෙන්, රියදුරු සහ කොන්දොස්තරට නිළ ඇඳුමක් – අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

0 142
ශ්‍රී ලංගමයේ ගුණාත්මක භාවයන් වැඩි කළ යුතු බවත් මේ වන විට ශ්‍රී ලංගමය ලාභ ලබන තත්ත්වයකට පත් වී තිබෙන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. සෑම ශ්‍රී  ලංගම රියදුරු කොන්දොස්තර මහතෙකුටම එම ලාභයෙන් නිළ ඇඳුමක් ලබා දීමට අමාත්‍යවරයා යෝජනා කළ අතර නමුත් ටිකට් වංචා කරන කොන්දොස්තර මහතුන් පිළිබඳවත් සොයා බැලිය යුතු බව ද සඳහන් කළේය.

” ඒ අය නිසා ලංගමයට විශාල මුදලකුත් අහිමි වෙනවා. ඒ අය රාජ්‍ය මුදල් වංචා කිරීමට දඬුවම් ලබා දිය යුතුයි. ඒ සඳහා නව නිතී රීති සකස් කරන්න ඕනේ. ශ්‍රී  ලංගමයේ ගුණාත්මකභාවය ඉහළ දැමීම සඳහා අලුත් බස්රථ ගෙන්වීමත් අපි සිදු කරනවා. ඒ සඳහා දැනටමත් කටයුතු කරමිනුයි ඉන්නේ. ඒ වගේම වසරේ අවසානය වන විට සියලුම ශ්‍රී ලංගම බස්රථවලට GPS උපකරණ සවි කරලා අවසන් කරනවා. මම මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතු කරුණක් තියෙනවා. ඒ ශ්‍රී ලංගම බස්රථ මාර්ග අනතුරු අවම කර ගැනීමට හැකි වෙලා තියෙන බව. ආරක්ෂිතව ගමන් ගන්න නම් ලංගම බස්රථයක් තෝරා ගැනීම මගී ජනතාවගේ අපේක්ෂාව වෙලා. පුද්ගලික අංශයේ බස් රියදුරන් විහිළු තහළු කරමින් පාරේ බස් ධාවනය කිරීම නිසා මගී ජනතාවගේ ජීවිත අවධානමක් බවට ‍පත් වෙලා.” යැයි අමාත්‍යරවයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංගම මධ්‍යම බස් නැවතුම් පොළේදී  අද (16) පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ලංගමය සඳහා විනීත රියදුරු කොන්දොස්තරවරුන්ගේ සේවය අවශ්‍ය වන අතර  ලංගමයට මැරවරයන් අවශ්‍ය නැති බවත්  ඒ වගේම මගීන්ට හිරිහැරයක් වන පරිදි පුද්ගලික අංශයේ බස්රථවල වගේ එෆ් එම් රේඩියෝ ක්‍රියාත්මක නොකළ යුතු බවත් අමාත්‍යරවයා පෙන්වා දුන්නේය.

ඒ මහතා ප්‍රකාශ කළේ විශාල මගී සංඛාවක් මේ බවට පැමිණිල කරලා තියෙන බවයි.  ඒ නිසා මගියාට හොඳ සේවාවක් ලබාදීමට සියලු දෙනාම සිතා ගත යුතු බවද අමාත්‍යරවයා වැඩිදුරටත් පැවසීය.

 

 

 

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
post add media course 01

Leave A Reply

Your email address will not be published.