කළු හිම” මංගල දර්ශනය දා…

0 235

 

උපාලි ගම්ලත් අධ්‍යක්ෂණය කළ, “කළු හිම” සිනමා කෘතියේ මංගල දර්ශනය පසුගිය 27 වෙනිදා චිත්‍රපට සංස්ථාවේ තරංඟනී සිනමා ශාලාවේ දී තිරගත විය.

චිත්‍රපට සංස්ථවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා ඇතුලු සම්භාවනීය අරාධිතයන්ගේ සභගිත්වයෙන් මෙම මංගල දර්ශනය පැවැත්විය.

නේපාලයේ හිමාල කදු ආශ්‍රීතව, ඉතාමත් දර්ශනීය ආකාරයෙන් රූප ගත කර ඇති, මෙම සිනමා කෘතිය මෙම මස 30 වෙනිදා සිට ලාංකේ ය සිනමා ලෝලීන්ට, LFD මණ්ඩලයේ බෙදාහැරිමක්  ලෙස දිවයින පුරා සිනමාහල් වලින් නැරඹිය හැක….

කතා සාරංශය

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක සිසුන් පිරිසක් ඔවුන්ගේ පර්යේෂණ නිබන්දනයක් කිරීමට හිමාලයට යයි. පිරිස අතර කතාවේ ප්‍රධාන භූමිකාව වූ සචින් හා ඔහුගේ පෙම්වතිය වන විනූ ද සරසවි සිසුන් වන තිවංක හා සුරේන් ද සිටියි. ඔවුන් හිමාලයේ අධික බෑවුම් සහිත ප්‍රදේශයක් හරහා ගමන් කරනවිට ගල් කන්දක් කඩාවැටෙයි. එහිදී සචින් අතුරුදහන් වෙයි. ගැමියන්ගේ උදව් ඇතිව අතුරුදහන් වූවන් සෙවීමට මහත් වෙහෙසක් දරයි. එහෙත් සචින් ගැන කිසිදු තොරතුරක් සෙයා ගැනීමට අපහසු වෙයි. ඉතිරි පිරිස ලංකාවට ආපසු පැමිණෙයි.
මේ අතර තුවාල සහිතව සිහිසුන්ව සිටි සචින්ව දර සෙවීමට පැමිණි චුන්දා නම් තරුණියකට හමුවෙයි. ඇය සචින්ව ඔසවාගෙන ඇගේ නිවසට පැමිණෙයි. නිවසේදී ඔහුට ප්‍රතිකාර කරයි. අධිකලෙස තුවාල ලබා සිටි සචින් ක්‍රමයෙන් සුව අතට පත්වෙන්නේ චුන්දාගේ හෙදකම නිසාවෙනි. අනතුර නිසා සචින්ට අතීතතය අමතකව ගොස් ඇත. සචින් හා චුන්දා අතර ප්‍රේමයක් හටගනියි. ගමේ වැඩිහිටියන් එයට තදින්ම විරුද්ධවෙයි. අනතුරුව ඔවුන් රහසේම පැනයයි. චුන්දාගේ අයියා වන අබූ ඔවුන් පසුපස හඹාඑයි. අබූගෙන් බේරී පැනයාමට ඔරුවක නැගී ගංගාවේ ගමන්කරන චුන්දා හා සචින් දිය ඇල්ලකින් පහලට වැටී අතුරුදහන් වෙයි. එහිදී දිවිගලවාගත් චුන්දා හා සචින් ගංගාව අසල ගම්මානයක රහසිගතව ජීවත්වෙයි. චුන්දා ගැබ්ගනී. දිනක් සචින් නගරයට යයි. ඒ අවස්ථාවේ හදිසියේ ඇතිවූ ගංවතුරකින් චුන්දා ජීවත්වූ නිවසත් ගැමියනුත් විනාශයට පත්වේ. පසුව පැමිණෙන සචින් චුන්දාව සොයමින් ගමින් ගම යයි. එය නේපාලයේ රජවරුන් පාලනය සමයේ රජුට එරෙහිව මාවොවාදීන් සටන් කරන කලයකි. කඳුකරයේ සැඟවී සටන්කරන භට පිරිසකට සචින්ව හසුවෙයි. භාෂාව නොදන්නාකම හා අතීතය අමතකව තිබීම හේතුවෙන් තමන් කවුදැයි යනවග විස්තර කිරීමට සචින්ට අපහසුවෙයි. සචින් ඉන්දියන් ඔත්තු කරුවෙකුයැයි සැකකර ඔහුව සිරකරයි. සටන් කරුවන් අතර සිටින බිශ්මා නම් ඉංග්‍රීසි උගත් තරුණියක් සචින්ගෙන් තොරතුරු අසා ඔහුව නිදහස්කර ලංකාවට එවීමට කටයුතු කරයි.

 

 

post add media course 01

Leave A Reply

Your email address will not be published.