උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට විරුද්ධව ජනපති තදින් ක්‍රියා කරයි

0 2,517

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණ දණ්ඩනය නියමව දඩුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සඳහා සම්බන්ධවන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට පසුගියදා ගත් තීරණය රටේ, ජාතියේ සහ මතු පරපුරේ අනාගතය වෙනුවෙන් කඩිනමින් ක්‍රියාවට නැංවීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

මරණ දණ්ඩනය ලබාදිය යුතු පුද්ගලයන් පිළිබඳ වාර්තා කැඳවීමේ දී එම ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට අදාළ ආයතන නිසි පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් තීන්දුව ක්‍රියාවට නැංවීම ප්‍රමාද වි ඇති අතර, ඒ පිළිබඳ පරික්ෂණයක් ඉදිරියේ දී සිදු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය සහ අපරාධ අවම කිරීමට අදාළ නීති සංශෝධනය පිළිබඳ අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමට තිබෙන නීති කිසිසේත් දුර්වල නොකළ යුතු අතර ජාවාරම්කරුවන්ට පැන යාමට කිසිදු හිඬැසක් නොතබා එම නීති ශක්තිමත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ආයතන එහි දී සහයෝගයෙන් යුතුව රටේ මහජනතාවගේ යහපත උදෙසා තීන්දු තීරණ ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.

මත්ද්‍රව්‍ය නිවාරණය සහ අපරාධ අවම කිරීමට අදාළ පනත් කෙටුම්පත, සුරාබදු ආඥා පනතේ 46 සහ 47 වගන්ති සංශෝධනය, විෂ මත්ද්‍රව්‍ය ආඥා පනත සංශෝධනය, බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකායේ සහය ලබා ගැනීම මෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් බූස්ස බන්ධනාගාරය වෙත මාරු කිරීමේ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.