උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

හුරුළු වැව වැව් රක්ෂිතයේ වෙඩි වැදුනු අලියෙකු වේදනාවෙන් පසුවෙයි

0
ගලෙන්බිදුණුවැව   – බාලසුරිය
වයස අවුරුදු  20-25 අතර පසුවන, අඩි 10 පමන උස තුවාල වු වන අලියේකු ඉතා පිඩාකාරි තත්වයෙන්  ගලෙන්බිදුණුවැව යකල්ල හුරුළු වැව වැව් රක්ෂිතයේ  සැරි සරණ බව වාර්තා වෙයි.
 මෙම  වන අලියාගේ ඉදිරි දකුණු පාදය දැනට මාස ගනනාවකට පෙර වෙඩි වැදීමකින් තුවාල සිදුව ඇති අතර එම තුවාල හේතුවෙන් සත්වයාට ගමන් කිරිම නොහැකිව ඇත.

ප්‍රදේශවාසින්   සදහන් කලේ මෙම වන අලියා පසු ගිය සැප්තැම්බර මාසයේ සිට යකල්ල අවට ගම්මින වල නිතර සැරි සරනු දක්නට ලැබුණු , ගැවැසෙන අයුරැ දැක   ගම්මුන් රිටිගල වනජිවි නිළධාරින් දැනුවත් කර ඇති අතර වනජීවී නිළධාරින් පැමිණ මෙම සත්වයා පිළිබද සොයා බලා පන්ඩුල ගම වනජිවි පශු වෛද්‍යවරයා දැනුවත් කිරිමෙන් පසු පසුගිය 10 වන මස 04 වන දින පසු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැමින වෙදනා නාශක එන්නත් කර ගොස් ඇති බවයි.
 මොරගොඩ හා රිටිගල වන ජිවි කාර්යාලයේ  නිළධාරින් පවසා සිටියේ මෙම වන අලියාට වෙඩි වැදීමක් හේතුවෙන් වන අලියාගේ ඉදිරි පාද දෙකය සිදුවී ඇති තුවාල හේතුවෙන් මෙම අලියා විසාල වෙදනාවකින් සිටින බවයි.
* වන අලියා වෙඩි වැදී තුවාල ව සිටින බවට තවුරැ කර ගත් වන ජිවි නිළදාරින් සිද්දිය පිළිබද අනුරාධපුර පන්ඩුලගම වනජිවි පසු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා දැනුවත් කල අතර  වන අලියාට එක දිගට ප්‍රතිකාර කිරිම සදහා පශු වෛද්‍ය වරැන් පැමින නැහැ.
මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් හුරැළුවැවේ ජලමට්ටම වැඩි වීම හේතුවෙන් සත්වයාට ආහාර හොයා ගැනීමට පවා අපහසු තත්වයක් ඇති අතර සත්වයා නිතර මඩේ ගැවීසීමට රැච්කත්වයක් දක්වන්නේ තුවාලට මත මැස්සන් වැසිම හෙතුව වීමෙන් සත්වයාගේ තුවාලට වැඩීවීමටත් සත්වයාට කඩිනම් ප්‍රතිකාර නොකිරිම හෙතුවෙන් සතගේ ජිවිතයට තර්ජනයක් එල්ලවිය හැක
post add media course 01

Leave A Reply

Your email address will not be published.