උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

පහළ යාන්ඔය ව්‍යාපෘතියන් ඉඩම් අහිමි වූ ජනතාව අද(02) හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි..

0 546

බාලසූරිය – ගලෙන්බිදුනුවැව 

ජලයෙන් යට වුන තම ඉඩම් සඳහා වන්දි ලබාදීම ප්‍රමාද වීමත් අදාළ නිලධාරීන් එ සඳහා උනන්දු නොවීමත් යන කරුණු මුල්කර ගනිමින් මෙම උද්ඝෝෂණය පැවැත් වූ අතර ඒ සඳහා හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාවතවැව, වාගොල්ලාකඩ, අලියාකඩ, යන ගම්මානවල පන්සියයකට ආසන්න ජනතාවක් සහභාගි වූහ.
උදෑසන 10 ට පමණ හොරොව්පොතාන නගර මධ්‍යයෙන් උද්ඝෝෂණය ආරම්භ කල උද්ගොෂකයො පසුව පාගමනින් හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා ගිය අතර ඒ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ආරක්ෂාව ලබාදීමට හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා කටයුතු කර තිබිණි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයට පැමිණි උද්ඝෝෂකයෝ වසා තිබූ ගේට්ටුව කඩා දමා පොලිස් නිලධාරීන් ද තල්ලු කරමින් කාර්යාලය භූමියට ඇතුළු වී හූ කියන්නට පටන්ගත් අතර එහිදී ඔවුන් පැවසුවේ වාරිමාර්ග අමාත්‍යවරයා හෝ  දිස්ත්‍රික් ලේකම්වරයා සහ යාන් ඔය ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා එම ස්ථානයට ගෙවිය යුතු බවය.
ඒ අනුව හොරොව්පොතාන සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්.සෙන්තිල් මහතා විසින් දිස්ත්‍රික් ලේකම්වරයාට සහ ව්‍යාපෘති නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයාට දුරකතනයෙන් කතාකොට උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම පිළිබඳවදැනුවත් කොට තිබුණ අතර ඒ මොහොතේ එම ස්ථානයට තමන්ට පැමිණිය නොහැකි බවත් අවශ්‍ය ඉල්ලීම් ලිඛිතව ලබාදෙන ලෙසත් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් තමන්ට පැවසූ බව සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා උද්ඝෝෂකයන්ට පැවසීමත් සමඟ තත්වය තවත් උණුසුම් විය. නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ පාලිත වික්‍රමතිලක මහතා පමණක් පැමිණ සිටිනු දක්නට ලැබිණි.
තුන්වේල තබා එක වේලක්වත් කන්න විදිහක් නොමැති බවත්  කෙසේ හෝ විසඳුමක් ලබාදෙන තෙක් කාර්යාලය භූමියෙන් ඉවත් නොවන බවත් පවසා තමන්ට දැන් බීමට ඇත්තේ කැඳ විතරක් යැයි කියමින් පැමිණි ජනතාව කාර්යාල භූමියේ ලිප් බැඳ කැඳ හැලියක් ලිපියේ තැබුවේය.
එම ස්ථානයට පැමිණි ස්ථානාධිපති රොෂාන් සංජීව මහතා කාර්යාල භූමියෙ එවැනි දේ සිදු නොකරන ලෙස පැවසීමත් සමඟ ඔවුහු කාර්යාලයේ භූමියෙන් පිට මාර්ගය අයිනේ ලිප් බැඳ කැඳහැලිය ලිපෙ  තැබිමට කටයුතු කළහ.
ඒවනවිටත් උද්ඝෝෂණය ආරම්භ කොට පැය තුනක් පමණ ගත වී තිබුණ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සියලු කටයුතු ඇණහිට තිබුණි.පසුව සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා  විසින්  නැවත දිස්ත්රික් ලේකම්වරයාට සහ වාරිමාර්ග අමාත්‍යවරයාවට    දුරකතනයෙන් කතා  කොට මේ පිළිබඳව දැනුම් දුන් අතර ඔවුන් පවසා තිබුණේ සතියක් ඇතුලත මේ පිළිබඳව සාකච්ඡාවක් පවත්වා   විසඳුමක් ලබා දෙන බව ය. එම තීරණය පිළිගත් උද්ඝෝෂකයෝ පසුව විසිර ගියහ.

post add media course 01

Leave A Reply

Your email address will not be published.