උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

කථානායකවරයා අද දින (07) මෝල්ටාව බලා පිටත්විය.

0

පොදු රාජ්‍ය මණ්ඩලීය කථානායක සමුළුවේ විශේෂ සැසිවාරයකට සහභාගීවිම සඳහා කථානායකවරයා අද දින (07) මෝල්ටාව බලා පිටත්විය.

මහා බ්‍රිතාන්‍යයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය සමඟ හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පුළුල් අනුග්‍රහයක් ලබා දෙන වෙස්ට්මිනිස්ටර් පදනම සමඟ 2019 වැඩසටහන පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් සඳහා කථානායකවරයා එක්වීමට නියමිතය.

කථානායකවරයාගේ ඉල්ලීම පරිදි පසුගිය තුන් වසර තුල පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) හා රාජ්‍ය ගිණුම්කාරක සභාවේ(කෝපා),කමිටු සාමාජිකයින්ද ඇතුළුව පාර්ලිමේන්තු මන්ත්‍රීන් හා ජ්‍යෙෂ්ඨ නිළධාරීන් බොහෝ දෙනෙකුට වෙස්ට්මිනිස්ටර් පදනම මඟින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ පුහුණු වැඩසටහන් රාශියකට සහභාගී වීමට අවස්ථාව උදාකර දෙනු ලැබිය.

ශ්‍රී ලංකා කථානායකවරයා වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී විශේෂ පිළිගැනීමක් හා භෝජන සංග්‍රහයක් ද සංවිධානය කර ඇත.

post add media course 01

Leave A Reply

Your email address will not be published.