හුරුළු වැව් රක්ෂිතයේ වෙඩි වැදුණු සද්දන්තයා මිය ගියේ පශු වෛද්‍යවරයාගේ නොසැලකිල්ලෙන්ද ?…

ගම්වාසින් හා වනජීවි නිලධාරින් අතර උනුසුම් තත්ත්වයක්

0 1,547
ගලෙන්බිඳුනුවැව බාලසූරිය
මාස ගණනාවක් තිස්සේ ගලෙන්බිදුනුවැව යකල්ල  ප්‍රදේශයේ හුරුලු වැව් රක්ෂිතයේ ඉදිරි දකුණු පාදයට වෙඩි වැදීම හේතුවෙන් ඇති වූ තුවාලයක වේදනාවෙන් පසු වෙමින් සිටී වන අලියකු අද (14) උදෑසන කාලයේ මිය ගොස් තිබෙනවා.
පසුගිය කාලය පුරාවට අවස්ථා කීපයක දී පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය  චන්දන ජයසිංහ මහතා මෙම සත්වයා වෙනුවෙන් ප්‍රතිකාර කරනු ලැබූ අතර  ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම සත්වයාට නිසි ප්‍රතිකාරයක් නොකළ බවත් , මාධ්‍ය වල පුවත් පල වන විට පමණක් පැමිණ මෙම වන අලියා ට වේදනා නාශක පමණක් එන්නත් කළ බවයි. ගම්වාසීන් වැඩි දුරටත් වනජීවී පශු වෛද්‍ය නිලධාරියාට ඒ චෝදනා කරනු ලබන්නේ මෙම සත්වයා ට නිසි ප්‍රතිකාරයක් සිදු කෙළේ නම්, මෙම සත්වයා සුවවී තවත් කාලයක් ජීවත් වෙන බව පවසමින්. .
පසුගිය කාලයේ කාලයේ පුරාවට ගම්මානයේ ඇති ගොවි බිම්වල දහවල් කාලයට පවා දක්නට ලැබුණු මෙම වන අලියා ට කිසිදු හානියක් වන පරිදි කටයුතු නො කළ ගම්වාසීන්  බඩ ඉරිඟු, කෙහෙල් කොටන් සහ පොල් අතු ආහාරයට ලබා දීමට කටයුතු කර තිබුණා.
පසුගිය 09  දින පන්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා දහවල් 12  පමන වනජිවි නිලධාරින් සමග පැමින වන අලියාට බෙහෙත් එන්නත් කර නැවත පිටව ගොස් තිබුනේ දහවල් 1 පමන බව ප්‍රකාශ කරන ගම්වාසින් කියා සිටින්නේ එන්නත් ලබා දී පැයකට ආසන්න කාලයක් තුල වන අලියා වැව තුලම ඇද වැටෙන අයුර ඇසින් දුටු බවත් එදා සිට මිය යනතුරු නැවත නොනැගිට සිටි බවයි.
කෙසේ වෙතත් අද උදැසන මිය ගිය වන අලියාගේ පස්චාත් මරන පරික්ෂණ කටයුතු වෙනුවෙන් එම ස්ථානයේ පරික්ෂණ ය සදහා මොරගොඩ හා පිටිගල වන ජීවි   කාර්යාල නිලධාරීන් සමග අනුරාධපුර පන්ඩුලගම පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැමින වන අලියාගේ ශරීරයේ කොටස් රැගෙනයාමට අවශ්‍ය කටයුතු කල අතර එම අවස්ථාවේ ගම්වාසින් හා වනජීවි නිලධාරින් අතර උනුසුම් තත්ත්වයක් හට ගත්තා ..

dig
edf
edf

 

post add media course 01

Leave A Reply

Your email address will not be published.