උණුසුම් පුවත්
කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව හෝ ඇති වුනේ නැත්තම්, මේ අවුරුද්දේ ජානාධිපතිවරණය තියනවා..

සිවලා කුලම ගොවියෝ හානි වූ වගාවන් සදහා වන්දි ඉල්ලා උද්ඝෝෂණයක.

0 496
බාලසුරිය-ගලෙන්බිදුණුවැව 

සේනා දළඹුවාගේ ආක්‍රමණය කඩිනමින් විනාශ කර  , හානි වූ වගාවන් සදහා යමං වන්දි මුදලක් ලබා  දෙන ලෙස ඉල්ලා අද උදෑසන 10 ට පමණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව  ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් සිවලා කුලම ප්‍රදේශයේ ගොවියෝ උද්ඝෝෂණයක් පැවැත්විය.

සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් සට පාඨ කියමින් උදෑසන 10 ට පමණ සිවලා කුලම ගොවිජන සේවා මධ්‍යස්ථානය ළඟින් උද්ඝෝෂණය ආරම්භ වූ අතර උද්ඝෝෂකයන්  ඉන් අනතුරුව අනුරාධපුර ගලෙන්බිදුනුවැව මාර්ගය සිවලා කුලම ප්‍රදේශයෙන් අවහිර වන පරිදි උද්ඝෝෂනයේ  නිරත වූහ .
උද්ඝෝෂණය   අතරතුර පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන , උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති එස්. එම් රංජිත් යන මහත්මාවරු  උද්ඝෝෂකයන් සිටි ස්ථානයට පැමිණි අතර උද්ඝෝෂකයන් විසින් තම ගැටලුව පිළිබඳ ඔවුන් වෙත දැනුම් දුන්නේ ය . එම අවස්ථාවේ උද්ඝෝෂකයන් සඳහන් කර සිටියේ තම වගාවන්ට සහ රටේ ජනතාවට ඇති වී ඇති

මෙම වියසනය පිළිබඳව මේ වන තුරු රජය නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්.. පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරු තම තමාගේ සුඛ විහරණය සඳහා කටයුතු කරන බවත් මෙම ගැටලුව පිළිබඳව  පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් ආරම්භ වී නොමැති බවයි ..

එස් එම් චන්ද්‍රසේන මහතා කියා සිටියේ අද උදෑසන කාලයේ  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ දුරකථනයෙන් සාකච්ඡා කර බවත්,ඒ අනුව ලබන සතියේ පාර්ලිමේන්තුවේ මෙම ගැටළුව පිළිබඳව දිනක් පුළුල් සාකච්ඡාවක් සිදු කර  කඩිනම් විසඳුමකට එළඹීමට කටයුතු කරන බවට රජයට බල කරන බවත් එසේ නොවන්නට පොදුජන පෙරමුණ වශයෙන් සියලු ගොවි ජනතාව පාරට බස් වා විසදුමක් සොයන්නට කටයුතු කරන බව සඳහන් කළේය .

 

post add media course 01

Leave A Reply

Your email address will not be published.