මහරගම, කොට්ටාව ඇතුලු ප්‍රදේශ කිහිපයක පැය 21 ජලය කපා හැරේ..

0 473

අත්‍යාවශ්‍යය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අද (13) බදාදා පෙරවරු 8.00 සිට පසුදා පෙරවරු 5.00 දක්වා පැය 21ක කාලයක් මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවල ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

මේ පිළිබඳව වැඩි විස්තර විමසීම සඳහා ජාතික ජල සමිපාදන හා ජලාපවාහන මණ්ඩලයේ කෙටි දුරකථන අංකය වන 1939 ඇමතීමෙන් ලබාගත හැකි බවද එම මණ්ඩලය වැඩිදුර අදහස් දක්වයි

post add media course 01

Leave A Reply

Your email address will not be published.