උණුසුම් පුවත්
හිරිහැරයට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දිවයිනට…CID හිටපු අධ්‍යක්ෂක ශානී ප්‍රකාශයක් ලබාදීමටCID යට…අල්ලස් ගත් පැල්මඩුල්ල පොලීසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවටඑ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත අබේසේකරය ඇප ලැබෙයිනායයෑම් නිවේදන පිළිබඳ සැලකිලිමත් වන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයසාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවල උපකාරක පන්ති තහනම්ආපදා ප්‍රදේශවල සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දෙයි…තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ සියළුම බදු වර්ග මුළුමනින්ම අහෝසියි – අමාත්‍ය බන්දුල ගුණවර්ධනඅගමැති ඇතුලු කැබිනට් මන්ඩලය හෙට ඉල්ලා අස්වෙයි ?…ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්

පුද්ගලයන් හය (6) දෙනෙකුගෙන් අයෙකුට මේ රෝගය වැළදිය හැකිය..

0 519

ශ්‍රී ලංකාවේ මේවන විට ආඝාත රෝගීන් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවා ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයන් දහසකගෙන් නව දෙනෙක් මෙම රෝගයට මුහුණ පා සිටින බව වෛද්‍යවරු පවසති.

බෝ නොවන රෝග අතුරින් ආඝාතය යනු ලොව පුරා මරණවලට තුන්වන හේතුව ලෙස සලකන අතර ආබාධිත රෝගය ඇති වීම සඳහා ලෝකයේ ප්‍රමුඛතම හේතුව වන්නේ ආඝාතය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන පවසයි.

ජාතික ආඝාත දිනය වෙනුවෙන් අද (21) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ පිළිබඳව වෛද්‍යවරු විසින් තව දුරටත් අදහස් දැක්වූහ.

ආඝාතයට ගොදුරුවන වැඩිහිටියන්ගෙන් 70% – 80% ක් රුධිර වාහිනීවල ලේ කැටියක් හිර වීම නිසාත්, 20% – 30% ත් මොළයේ රුධිර වාහිනියක් පුපුරා යාම නිසාත් ආඝාතයට ගොදුරු වේ. වැඩිහිටියන්ගෙන් අඝාත තත්ත්වයට වැඩිපුරම හේතු වන්නේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වීම යනාදිය බව ශ්‍රි ලංකා අඝාත සංගමයේ සභාපති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එම්.ටී.එම්. රිෆ්සි මහතා ප්‍රකාශ කළේය.

ආඝාතය වැළදුණු රෝගියෙකුට ප්‍රකිකාර කිරීමේදී එම රෝගියා පැය 4ක් ඇතුළත ළඟම තිබෙන රෝහලට රැගෙන යාමෙන් හා ඉක්මන් ප්‍රතිකාර සිදු කිරීමෙන් ජීවිතය බේරා ගත හැකි බව ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා කීය.

මෙහිදී දුබලතාවය අනුව චිකිත්සක ක්‍රියාකාරකම්, මතකය,මස්පිඬු ක්‍රියාකාරකම් මෙන්ම ගිලීමේ ක්‍රියාවලියට අදාළව ප්‍රතිකාර ලබා දෙමින් රෝගියා රැකබලා ගැනීම වැදගත් වේ. මේ සඳහා ආඝාත රෝගීන් පුනරුත්ථාපනය කරමින් රැකබලා ගන්නා කථන චිකිත්සක කාර්ය මණ්ඩලය හා තෘතීය චිකිත්සකවරුන් විසින් ආඝාත රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙයි. එහෙත් වර්තමානයේ තිබෙන පහසුකම් අවම නිසා එය තව දුරටත් වැඩි කිරීම අවශ්‍ය බව ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අවධාරණයෙන් ප්‍රකාශ කළාය.

post add media course 01

Leave A Reply

Your email address will not be published.