උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

හරිත කොළඹ සහ ලෝක පුනර්ජනනීය බලශක්ති 19වන සැසිය මෙවර ශ්‍රී ලංකාවේ දී

0

හරිත කොළඹ සහ ලෝක පුනර්ජනනීය බලශක්ති 19වන සැසිය මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්ටීමට නියමිතය.

මෙම සම්මේලනය 2019 සැප්තැම්බර් 29 සිට ඔක්තොම්බර් 04 වන දා දක්වා පැවැත්වීමට සැලසුම් කොට තිබෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ශ්‍රී ලංකාව  දැනමටත් හරිත ක්‍රියාවලිය අනුව අන්තර්ජාතික තෙත්බිම් සහතිකය ලබා තිබෙන අතර එයත් සමඟම කොළඹ නගරය මුල් කරගනිමින් මෙම හරිත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම වැදගත් බව අද (28) මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කළේය.

වත්මන් රජය ක්‍රියාත්මක කරන බස්නාහිර පළාත මහ නගරයක් බවට පත් කිරීමේ දැවැන්ත නාගරික ක්‍රියාන්විතය මේවන විට ආරම්භ කොට ක්‍රියාත්මක වෙමින් පවතින බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ජගත් මුණසිංහ මහතා කීය. එම නගර සංවර්ධනයේ අරමුණු අනාගතය වෙනුවෙන් තවදුරටත් සාක්ෂාත් කර ගැනීම සඳහා අවැසි සහාය දැක්වීම ද මෙම සම්මේලනයේ අරමුණ බවද ජගත් මුණසිංහ මහතා තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

නගර සංවර්ධනයේදී පරිසර හිතකාමී බලශක්තිය, අඩු පිරිවැය ගෘහ නිර්මාණ ශිල්පය, පුනර්ජනනී බල ශක්ති උත්පාදනය, වැඩිවන බලශක්ති ඉල්ලුමට විසදුම් ලබා දීම, සුහුරු නගර සහ අධික වාහන තදබදය ඇතුළු ප්‍රවාහන ගැටලු වැනි විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව මෙම සම්මේලනයේදී සාකච්ඡාවන බව ලෝක ප්‍රතිචක්‍රීකරණ මහා සම්මේලනයේ  සම සභාපති විද්‍යා අමරපුර මහතා පැවසීය.

මෙම අවස්ථාවට ලෝක ප්‍රතිචක්‍රීකරණ මහා සම්මේලනයේ  සභාපති මහාචාර්ය ඒ. සේයිග් මහතා ද සහභාගී විය.

post add media course 01

Leave A Reply

Your email address will not be published.