උණුසුම් පුවත්
මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව හෝ ඇති වුනේ නැත්තම්, මේ අවුරුද්දේ ජානාධිපතිවරණය තියනවා..මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පාගමනක්උතුරේ බෞද්ධ උරුමයන් රැුකදෙන මෙන් ඉල්ලා නයාරු ගම් වාසීන් සාමකාමී උද්ඝෝෂණයක..උපවාසය අත්හැරීමට රතනහිමියෝ තිරණය කරයි.අසාත් සාලිය – හිස්බුල්ලා ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට.ත්‍රස්තවාදී සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක් අත්හිටුවයිඅත්බෝම්බ 13 ක් බදුරලියේ පාසලක් අසල.

මුඩු බිම් අස්වද්දන අපුරු තරුණයා..

0 586

බාලසුරිය – ගලෙන්බිදුණුවැව

මුඩු ඉඩම් සංවර්ධනය කර කජු පොල් අඹ දෙහි ආදිය  කර ගොවීන්⁣ ශක්තිමත් කිරිමේ නිරිත වන අපූරු  පුද්ගලයෙක් පිළිබඳව ගලේන්බිදුනුවැව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා .

ගලෙන්බිඳුනුවැව  ප්‍රදේශයේ පදිංචි කුමාරසිරි බණ්ඩාර දිසානායක නම් පුද්ගලයකු  වසර කිහිපයක සිට මෙම ක්‍රියාවේ නිරිත වෙනවා. රෙදි සේදුම් ව්‍යාපාරයක් සිදු කල අතර වාරයේ මුඩු ඉඩම් සංවර්ධනය කර කජු පොල් දෙහි හා දිර්ඝ කාලීන ආර්ථික වගාවන් සිදු කර ඉට උපදෙස්ද ලබා දෙමින් ගොවින් සක්තිමක් කිරිමේ ක්‍රීයාවලියක නිරතවන මෙම පුද්ගලයා රටක ආර්ථික සවියක් ද සපයනවා .

එමෙන්ම ගොවීන්ට අවශ්‍ය පොහොර ද අඩු මුදලකට ලබා දෙන බවයි ගොවින් පවසන්නේ .

මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව , හොරොව්පොතාන  සියඹලාණ්ඩුව හා රටෙහි විවිධ ප්‍රදේශවල මෙම ව්‍යාපෘතිය සිදුකර ඇති අතර මේ වන විට වසර 7 ක පමන වන පොල් වතුද මේ වනවිට දැකගත හැකී වනවා.

මේ ආකාරයෙන් අක්කර 3000  ආසන්න ප්‍රමානයක මුඩුබිම් සංවර්ධනය කර අඹ,පොල්,කජු වගා කර ඇති ආකාරය එහි සංචාරය කල අපට දැක ගත හැකි වීය.

ඒ මෙන්ම මොහු මේ වන විට  ගොවින්ට හදුන්වා දෙන නවතම වානිජ හා ඖෂධ  වගාවක් වන කෝමාරිකා වගාව පිළිබඳව අවධානය යොමු කොට මේ වන විට ඉඩම්  අක්කර විශාල ප්‍රමාණයක් වගා කරවීමට කටයුතු කර තිබෙනවා.

බොහෝ දෙනකුගේ අවධානයට යොමුව නොවන එහෙත් විශාල ආර්ථික වාසියක් හා සෞඛ්‍යමය වටිනාකමක් ඇති කෝමාරිකා වගාව පිළිබඳව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ පවා උපදෙස් නොමැති මෙම වගාව රටෙහි දිස්ත්‍රික්ක ගණනාවක වගා කර වීමට මොහු කටයුතු යොදා ඇති ආකාරය එහි සංචාරය කළ අපට දක්නට ලැබුණා .මොහු සිදුකරන සියලුම වගාවන් කාබනික පොහොර යොදා සිදු කිරීම විශේෂත්වයක් ලෙස සැළකිය හැක .

 

මොහු විසින් රට පුරා සිදු කරන මෙම කොමාරිකා ව්‍යාපෘතිය පිළිබඳව මනා සොයාබැලීමට  පසු එම වගාව පුත්තලම් දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ සිදුකිරිම ව්‍යාපෘතියක් නිර්මාණය කල වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වරයා අඩු ආදායම ලාභී ගොවින් සියයකට ආසන්න ප්‍රමානයක් සදහා මෙම කොමාරිකා වගාව හදුන්වාදිම සදහා ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ මෙම ආපුරැ තරැනයා සහභාගී කර වනාතවිල්ලුව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් එකාබද්ද කර කොමාරිකා වගාව පිලිබදව පුහුණු උපදෙස් ලබා දීම පසු ගිය (01) දින සිදු කිරිමත් එහිදී රජයේ නිලධාරීන් කුමාරසිරි බංඩාර දිසානායක නම් අපුරැ පුද්ගලයා විසින් මෙහෙය වු ව්‍යාපෘතිය උපදෙස් ලබා ගැනීම විශේෂත්වයකි.

තමා පත පොත හා අන්තර් ජාලය මෙන්ම තම ප‍්‍රායෝගික අත් දැකිම් තුලින්  ගොවින් බෝහෝ පිරිසක් සාර්ථක ගමනක රැගෙන යන මෙම තරැනයා අගය කල යුතු පුද්ගලයකු වශයෙන් හදුන්වා දීමට හැකි අතර දිසානායක මහතා සදහන් කර සිටින්නේ මෙවන්නක්.

“ අද අපේ රටට අළුත් කෘෂිකර්මාන්තයක් කියලා මාතෘකාවක් ආවා , ඒ අළුත් කෘෂිකර්මාන්ත කියන මාතෘකාවෙන් අපේ මුළුමහත් පරපුරම ලෙඩ්ඩු බවට පත් උනා.මම ස්තුතිවන්න වනවා රටේ ජනාධිති ගරැ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට එතුමා අළුත් කෘෂි කර්මාන්තයක් කියන මතෘකාව යටතේ වගා කිරිමට ඉඩ නොදි කාබනික වගාවට මුල් තැන දෙන එකට.එතුමා කෘෂිකර්ම ඇමතිව සිටියදීත් ගෙවත්තෙන් පොසදායි ආහාර වෙලක් කියන පුංචි අත්පත්‍රීකාවක් දුන්නා මම එම අත්පත්‍රීකාව කියවලා ගොඩක් අධ්‍යනය කලා, මම විශ්වාස කරනවා එම අත්පත්‍රීකාවේ  ප්‍රතිපත්තිය තමා මම අද ක්‍රීයාත්මක කරන්නේ.මම එම ප්‍රතිපත්තිය මල් පල දක්කලා පෙන්නන්න පුලුවන් ආකාරයට කටයුතු කරලා තියෙනවා. එක නිසා මෙක කාබණික වගාවක් , එක නිසා මම රසායනික පොහොර ආදේශ කරන්න මම මගේ ගොවියන්ට ඉඩ දෙන්නේ නැහැ. එයට හේතුව වෙන්නේ රසායනික පොහොර ආදේශක ආහාරයන් ගැනීම නිසා  අපි හා මුළු මහත් ලෝකයම ලෙඩ්ඩු වෙලා ඉන්න මේ වෙලාවේ දේශිය මෙන්ම රටෙන් එපිටට වස විසෙන් තොර කාබනීක නිශ්පාදයක් කිරිම මගේ අරමුන හා විශ්වාසය.මම කියනවා මම කරන දේට පවතින රජයකින් අවස්ථාවක් දුන්නේත් රජය බලා පොරොත්තු වෙනවාට වඩා ගුණාත්මක ප්‍රගතියක් මට අරන් දෙන්න පුළුවන්.

රටේ ඉන්නවානම් රසයනික පොහොර මගින් සිදු කරන මෙම කොමාරිකා වගාව පිළිබද යම් දැනුමක් හා උපදේශයක් අවශ්‍යනම් 0763737371 කියන දුරකතන අංකයෙන් වීමසනවා නම් මම ඔනෑම වෙලාව එයට පිළිතුරැ දීමට කැපවෙලා ඉන්නවා”

post add media course 01

Leave A Reply

Your email address will not be published.