තරුණ තරුණියන්ට ඇමරිකාවේ හෙඳ සේවය සදහා රැකියා අවස්ථාවන්

0 177

ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ට ඇමරිකාවේ හෙඳ සේවය සදහා රැකියා අවස්ථාවන් ලබාදීමට ඇමරිකාවේ කර්මා සමාගම සමග ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව එරට හෙද රැකියා සදහා පළමු ශ්‍රි ලාංකික හෙදිය ඇමරිකාව ලබා පිටත්ව ගියාය.

එම්.එම්.ජී. රුවනි රණසිංහ නම් එම හෙදිය මහනුවර මහ රෝහලේ සේවය කළ ශ්‍රි ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි හෙඳ නිලධාරිනියකි. කාර්යාංශය මගින් පළමු වරට මෙම රැකියා වැඩසටහන දියත් කරන ලද අතර, අවශ්‍ය සුදුසුකම් ලත් තවත් 25ක පිරිසක් ඇමරිකාවේ හෙඳ රැකියා සදහා පිටත්ව යාමට මේ වන විට පුහුණුව ලබමින් සිටිති.

ඇමරිකාවේ හෙඳ සේවය සදහා අවශ්‍ය සුදුසුකම් ලෙස හෙදියක් වශයෙන් වසර දෙකක පළපුරුද්දක් ලබා වර්ථමානය වන විට සේවය කරමින් සිටිය යුතුය. හෙඳ සේවය පිළිබද උපාධියක් හෝ වසර 4ක ඩිප්ලෝමා සහතිකයක් ලබා තිබිය යුතු අතර IELTS විභාගය ඇමරිකානු ප්‍රමිතීන්ට අනුව සමත්වී තිබිය යුතුය. එසේම අයදුම් කරන දිනය වන විට වයස අවුරුදු 45 ට අඩු විය යුතුය.

ඇමරිකා එක්සත් ජනපදය තුළ හෙද රැකියා හිමිවන ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ට මාසිකව ඇමරිකානු ඩොලර් 5000ක මූලික වැටුපක් හිමිවන අතර, තම පවුලේ ඥාතීන්ද එරටට ගෙන්වා ගැනීමේ හැකියාව හිමිවේ.

වැඩි විස්තර සදහා – 0112791814, 0112884771

post add media course 01

Leave A Reply

Your email address will not be published.