මීගමුව ප්රදේශයට පොලිස් ඇඳිරි නීතිය
මීගමුව පොරුතොට ප්රදේශයේ අද (5) සවස දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් පසු තත්වය පාලනය කිරීමට මීගමුව ප්රදේශයට පොලිස් ඇඳිරි නීතිය යෙදූ බව පොලිස් මුලස්ථානය කියයි.
එක් පාර්ශවයක තරුණයින් දෙදෙනෙකුට, අනෙක් පාර්ශවයේ පිරිසක් පහරදී කැපුම් තුවාල සිදු කිරීමත් සමඟ මෙම ගැටුම්කාරී තත්ත්වය හටගෙන ඇති බව වාර්තාවේ
පසුව පහර කෑමට ලක්වු පිරිසේ විශාල පිරිසක් පොරුතොට ප්රදේශයට කඩා වැදී ප්රකෝපකාරි අයුරින් හැසිරී ඇති බවත් එහිදි වාහන කීපයකට හා වෙළඳසැල් ගණනාවකටත් හානි සිදුව ඇති බවත් ඒ සමගම ආගමික ස්ථානයකටත් හානි සිදුව ඇති බවද කියයි
මෙම තත්වය පාලනය කිරීමට වහාම අදාල ගැටුම ඇතිවු ප්රදේශය ඇතුළු මිගමුව පොලිස් කොට්ඨාශයටම ඇඳිරි නීතිය හෙට උදෑසන 7 දක්වා ක්රියාත්මක කිරීමට පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.
