උණුසුම් පුවත්
කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව හෝ ඇති වුනේ නැත්තම්, මේ අවුරුද්දේ ජානාධිපතිවරණය තියනවා..

අන්තවාදී සුළු පිරිසක් සිදු කළ ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් හේතුවෙන් රටේ සමස්ත ජනතාව අතර විශ්වාසය පළුදු වීමට ඉඩ තැබිය නොහැකියි

0 179

අන්තවාදී සුළු පිරිසක් විසින් සිදු කළ ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් හේතුවෙන් රටේ සමස්ත ජනතාව අතර විශ්වාසය පළුදු වීමට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

එකිනෙකාට බියෙන්, එකිනෙකා දෙස සැකයෙන් බැලීම හේතුවෙන් රටේ සමස්ත ජන ජීවිතය අඩාල වන අතර, ත‍්‍රස්තවාදය නිසි ලෙස හඳුනාගෙන එය විනාශ කිරීම ආරක්ෂක අංශ සාර්ථකව සිදු කරද්දී, අවබෝධයෙන් සහ විශ්වාසයෙන් යුතුව කටයුතු කරමින්, රට තුළ සාමකාමී පරිසරයක් පවත්වාගෙන යාමට කැපවීම සියලු දෙනාගේ වගකීම බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මුස්ලිම් සිවිල් සමාජ නායකයින් සමඟ   (06) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවක දී ය.

මෙහිදී අදහස් දැක්වූ මුස්ලිම් සිවිල් සමාජ නායකයින් පෙන්වා දුන්නේ සාම්ප‍්‍රදායික මුස්ලිම් ජනතාව මෙම ම්ලේච්ඡ කි‍්‍රයා කිසිවිටෙකත් අනුමත නොකරන අතර මෙරට සාම්ප‍්‍රදායික මුස්ලිම් ජනතාව අනෙකුත් ආගමික ප‍්‍රජාව සමග ඉතාම සහයෝගයෙන් ජීවත්වන පිරිසක් බවයි.

අපේ‍්‍රල් 21 වන දා සිදුවීමත් සමඟ සමස්ත මුස්ලිම් ප‍්‍රජාව දෙස සැකයෙන් බැලීම හේතුවෙන් ඔවුන්ට මුහුණදීමට සිදුව තිබෙන අසීරුතාවය පිළිබඳව මෙහිදී එම නායකයෝ ජනාධිපතිතුමා හමුවේ කරුණු ඉදිරිපත් කළ අතර, එහිදී සියලු ජන කොටස් අතර සාමය සහ සංහිඳියාව තහවුරු කර ගැනීම වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳව යෝජනා සහ අදහස් කිහිපයක් ද ඉදිරිපත් කළහ.

එමෙන් ම ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ම්ලේච්ඡ ත‍්‍රස්තවාදය විනාශ කිරීමේ ආරක්ෂක අංශ මෙහෙයුම්වලට තම පූර්ණ සහය ලබාදෙන අතර ම අන්තවාදයට හිස එසවීමට ඇති සියලු තත්ත්වයන් පාලනය කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරන බවයි. ඇතැම් ඉස්ලාම් භක්තියන් අතර පවතින මිථ්‍යා විශ්වාස දුරලමින් ඔවුන්ට යථා අවබෝධය ලබාදීම පිළිබඳ වැඩසටහන් ද මේ වන විට කි‍්‍රයාත්මක බව ඔවුහු පෙන්වා දුන්හ.

මෙම අවාසනාවන්ත සිදුවීම හමුවේ කිසිදු ජනකොටසක් අපහසුතාවයට පත්වීමට ඉඩ නොතබා සියලු දෙනාගේ ගෞරවය ආරක්ෂා කරමින් ජාතියක් ලෙස මෙකී අභියෝගයට මුහුණදීමට ජනාධිපතිතුමා ගත් නිවැරදි පියවර පිළිබඳව ද මෙහිදී මුස්ලිම් සිවිල් සමාජ නායකයෝ ජනාධිපතිතුමා වෙත ප‍්‍රශංසාව පළ කළ අතර මෙම තත්ත්වයත් සමඟ රට තුළ සාමකාමී වාතාවරණයක් පවත්වාගෙන යාමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා 2015 වසරේ සිට රට තුළ ගෙනගිය සංහිඳියා වැඩපිළිවෙළ ද මහඟු ශක්තියක් වූ බව සඳහන් කළහ.

post add media course 01

Leave A Reply

Your email address will not be published.