දෙවන පාසල් වාරයේ ප්‍රාථමික ශ්‍රේණි අධ්‍යයන කටයුතු අද ඇරැඹේ.

0 104

පොලීසිය  සහ ත්‍රිවිධ හමුදා දැඩි ආරක්ෂාව මැද, රජයේ පාසැල් වල ප්‍රාථමික අංශයේ දෙවන වාරයේ අධ්‍යන කටයුතු අද ආරම්භ විය.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් පාසැල් ළමුන් ගේ දෙවන වාර අධ්‍යන කටයුතු පියවර දෙකකින් ආරම්භ කෙරිනි. එනම් ඉකුත් 6 වන දින 6 සිට 13 වසර දක්වා දරුවන්ගේ අධ්‍යන කටයුතු ආරම්භ කෙරුන අතර ප්‍රාථමික අංශයේ දරුවන්ගේ අධ්‍යයන කටයුතු අද(13) ආරම්භ විය.

එමෙන්ම වත්මන් ආරක්ෂක තත්වය සැලකිල්ලට ගනිමින් කතෝලික පෞද්ගලික පාසල් ආරම්භ කරන දිනය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව අගරදගුරු පදවි ජනසංනිවේදන හා සංස්කෘතික කේන්ද්‍ර ආරංචි  මාර්ග පවසයි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.