කොච්චිකඩේට පැමිණි බෝම්බ වෑන් රථය සම්බන්ධ සැකකරු අත්අඩංගුවට

0 43

ඉකුත් පාස්කු ඉරිදා කොච්චිකඩේ දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ලකළ සැකකරු පැමිණි බව කියන වැන් රථය මිලදී ගෙන එය ආසන සකස් කිරීමට සම්බන්ධ වූ පුද්ගලයා කාන්තන්කුඩි ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම වෑන් රථය මිලදී ගත් මොහොමඩ් ආදම් ලෙබ්බේ යන සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු ඔත්තුවක් මත අත්අඩංගුවට ගෙන දැනට රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බවත්  එම සැකකරු දුටු බව කියන පුද්ගලයන් සිව්දෙනෙකු ලබාදුන් ප්‍රකාශ මත, අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ පොලිස් නිලධාරියකු විසින් අඳින ලද ඔහුගේ රුව සහිත සිතුවම් ඔස්සේ සැකකරු හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගිය 14 ( ඊයේ) වෙනිදා පොලීසිය විසින්  සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ රුව සහිත සිතුවම් 4 ක්  මාධ්‍ය වෙත මුදාහැර තිබිණි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.