උණුසුම් පුවත්
ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව හෝ ඇති වුනේ නැත්තම්, මේ අවුරුද්දේ ජානාධිපතිවරණය තියනවා..මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පාගමනක්

බෙන්ස් වර්ගයේ ගිලන් රථ 20 රෝහල්වලට බෙදාදීම හෙට

0 185

ඔස්ට්‍රියානු රජයේ සහන ණය ආධාර යටතේ බෙන්ස් වර්ගයේ ගිලන් රථ 100 ක් දිවයින පුරා රෝහල්වලට ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ ගිලන් රථ 20 ක් රෝහල්වලට බෙදාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හෙට (16) පස්වරු 3.00 ට සිදු කිරිමට කටයුතු යොදා ඇත.

ජර්මනියේ නිෂ්පාදිත මෙම ගිලන් රථයක වටිනාකම රුපියල් එක්කෝට් හැත්තෑලක්ෂයකි. මේ වනවිට බෙන්ස් වර්ගයේ ගිලන් රථ 60 ක් රෝහල්වලට බෙදා දී ඇත.

තවද ෆෝඩ් වර්ගයේ නවීන ගිලන් රථ 350 ක් ද පසුගිය දිනවල රෝහල්වලට බෙදා දෙනු ලැබීය. නිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක ප්‍රතිලාභ ජනතාව වෙත සමීප කිරීමේ අරමුණ පෙරදැරිව මෙම ගිලන් රථ බෙදාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇත.

post add media course 01

Leave A Reply

Your email address will not be published.