චෝදනා ඔප්පු කළොත් ඇමති කමින් ඉල්ලා අස්වෙනවා

0 102

ඊයේ(21) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකදී විශ්වාසභංගයේ තමන්ට නගා ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් වැරදිකරු වුවහොත් ඇමති ධූරයෙන් ඉල්ලා අස් විමට තමන් සූදානම් බව රිෂාඩ් බදුයුදීන් මහතා එකගත්වය පල කර තිබෙනවා. මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිය මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියා. තිබෙන චෝදනා සම්බන්ධයෙන් බදුයුදීන් මහතා වැරදිකරු වී අමාත්‍යංශයෙන් ඉල්ලා අස් නොවුනහොත් ඒ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. විමර්ශන කටයුතු සිදුවිය යුතු ආකාරය කෙබදුදැයි සාකච්ඡා කෙරුන අතර මෙහිදී රිෂාඩ් බදුයුදීන් ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය මගින් ගනු ලබන ස්ථාවරය කුමක්දැයි නවීන් දිසානායක මහතාගෙන් අප කර විමසීමක් කරා එහිදී ඔහු කියා සිටියේ “බදුයුදීන් ඇමතිතුමා ඉතාම සංවේදීව කතා කර බවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනා එතුමාට සහය දෙන බවත්ය එමෙන්ම දිනේශ් ගුණවර්ධන මන්ත්‍රී වරයා කියා සිටියේ බදුයුදීන්ට එරෙහිව ගෙනා විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීම හැකිතාක් කල් දමන බවයි එසේ වුවත් ඊට අදාල විකල්ප ක්‍රියා මාර්ග ගන්නා බවද මන්ත්‍රී වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

post add media course 01

Leave A Reply

Your email address will not be published.