විශ්වාසභංග විවාදයේ දින තීන්දුවට අද(23) හවස පක්ෂ නායකයන් ගේ හමුවක්.

0 148

විශ්වාසභංග විවාදයේ දින තීන්දුවට අද(23) හවස පක්ෂ නායකයන් ගේ හමුවක්.

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගොනු කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළබද තවමත් විවාදයට නොගෙන ඇති බැවින් ඒ සදහා දිනයක් තිරණය කිරීමට පක්ෂ නායකයින්ගේ හමුවක් අද(23) ප.ව 3.00 ට පැවැත්වීමට නියමිතව තිබෙන බව ආරංචි සදහන් කර සිටිනවා. මෙහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසන පරිදි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ද මේ සදහා සහය පල කිරීමට සූදානම්ව සිටින බවටද තොරතුරු ලැබුනා.මේ පිළිබද පාර්ලිමේන්තුවේදී ඇති වූ විවාදයේ දී මන්ත්‍රීවරුන් කියා සිටියේ තේරීම් කාරක සභාවක් පත් කිරීමකින් තොරවම විවාදය සදහා දිනයක් ලබා දෙන ලෙසයි. එවිට කථානායක කරූ ජයසූරිය මහතා පවසා ඇත්තේ අද(23) පැවැත්වෙන පක්ෂ රැස්වීමෙන් පසුව දිනයක් ලබදෙන බවයි කෙසේ වෙතත් මෙම විශ්වාසභංගය පිළිබද මැති ඇමතිවරුන් විවිධ අදහස් පල කර තිබෙනවා.

 

post add media course 01

Leave A Reply

Your email address will not be published.