උණුසුම් පුවත්
ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..

ලාංකේය ජන සමාජයේ මොළගෙඩි සෝදන ජැක්සන්ගේ සිනමා සොකරිය..

0 925

සටහන
අරුණ පත්තිනිගේ

ප‍්‍රතිභාපූර්ණ කලාශිල්පියෙකුවන ජැක්සන් ඇන්තනීගේ වෙර වෑයමෙන් සියයට සියයක්ම ලාංකේය නිෂ්පාදනයක් ලෙස ‘එකගෙයි සොකරී” සිනමා කෘතිය පසුගිය 29 වෙනිදා ජනකලා කේන්ද්‍රයේදි මාධ්‍යගතවුනා. ලාංකේය සිනමාවට නැවුම් සිනමා ගමන් මගක් විවර කරමින් අතිදක්ෂ මාධ්‍යකරුවෙකු වන ජැක්සන් ඇන්තනී අපුරු සිනමා සන්ධ්‍යාවක් විදින්නට මාධ්‍යකරුවන්ට ඉඩ හසර ලබාදුන්නා. මේ මාධ්‍ය දර්ශනය ඇත්තෙන්ම අපුරු එකක් වුයේ යුග කිහිපයක සහ විවිධ මාධ්‍ය තලවල සිටින ඔහුගේ මාධ්‍ය සමිපතමයින් විශාල ප‍්‍රමානයක් “එකගෙයි සොකරී” මාධ්‍ය සන්ධ්‍යාව නියෝජනය කිරිමයි. සාමාන්‍ය සිනමා කෘතියක අපි නිතර දකින මාධය කරුවන් පමනක් නොව ඉද හිට අපට හමුවෙන මාධ්‍යකරුවන්වද එකම මේසයකට ගෙන එනන්න ජැක්සන් ඇන්තනීට තියෙන්නේ පුදුම හැකියාවක්. ඒ ඔහු යුග කිහිපයක් නියෝජනය කළ කලාකරුවෙකු වු නිසා විය හැකිය.

දළුමලි වේදිකාවට පිවිසෙද්දීම සිනමාව නාට්‍යානුරුපී බවට පරිවර්තනය වෙලා, හෝරා කිහිපයක් අපි අපුරු සිනමා වේදිකා නාට්‍යක් රසවින්දා.  කිසිවෙකු අපගෙන් කොහොමද ජැක්සන්ගේ ෆිල්ම් එක කියලා අහුවොත් අපිට කියන්නට ඇත්තේ දුන්න ඇදපු විදිහටනම් හීය ගොඩක් ඇතට යයි වගේ කියලා විතරයි.

නමුත් මට ජැක්සන්ගේ සිනමා බාවිතයෙන් යම් දේශපාන කියවීමක් යන්තමින් වගේ අහුලගන්න පුලුවන් වුනා.  ඔහු මාධ්‍ය අමතා කළ මුල් වචන කිහිපය මගේ භාෂාවෙන් ලියනවනම්, කතාවෙන් ඔබටත් යමක් අහුලගන්න පුලුවන්වේවී.

අපිට ජාත්‍යන්තරයට යන්න ජාතියක් තියෙන්න ඕනේ, ජාතියක් නැතුව අපිට ජාත්‍යන්තරයට යන්න බෑ, ඒ ඒ ජාතිවල ඒ ඒ සංස්කාතියන් තමයි ජාතියක් විදිහට නියෝජනය කරන්නේ. ලෝකේ හැදිලා තියෙන්නේ ජාතීන් ගොඩක් එකතුවෙලා. අද අපිට මේ සිංහල අපගේ රටයි කියන සිංදුවවත් කියන්න බැරුව කොහොමද ජාත්‍යන්තරයට යන්නේ. පසුව ඔහුම මෙහෙම කියනවා වෙල්ලස්ස කැරැුල්ලෙන් පස්සේ අතුගාලාම දාපු ජාතිය සඟවෙලා ඉන්නේ ඇකිරියංකුඹුර කියන ලස්සන කැලෑරොදකින් වට වෙච්ච ගම්මානයක. උඩරට හරි අපුරු විවාහ නීතියක් තියෙනවා එකගෙයි කෑම කියලා. ඒක ස්ත‍්‍රියක් වටා බහු පුරුෂ විවාහ ක‍්‍රමයක්. මේ විවාහා ක‍්‍රමය එන්නේ සිංහලයගේ තියෙන ජඩ කමටවත් වලත්ත කමටවත් නොවේ. ඉඩම් බලය නොබෙදී තියාගන්න. පවුල් වශයෙන්වත් නොබෙදී ඉන්න. අයියටයි මල්ලිටයි කාන්තාවෝ දෙන්නෙක් ගෙනාවොත් පවුල් දෙකක් වෙනවා. ඉඩම් දෙකට බෙදෙනවා අනිත් අවශ්‍යතාවනුත් දෙකට බෙදෙනවා. ඉතිහාසයේ කොතනවත් හමුවෙලා  නෑ එකගෙයි කාපු පවුල් ආරවුල්. ඒ තරමට ඒක සංවිධානත්මක තලයක තිබුනා.

ඔහු ප‍්‍රකාශ කල කාතවේ හරය මගේ මතකයෙන් ගොනු කරනවනම් ඉහතින් දැක්වු ආකාරයයි. ජැක්සන්ගේ දේශපාන කියවීම හරිම උද්වේගකාරීයි. අවශ්‍ය පුද්ගලයාගේ සම විද නහර විද ඇට ඇට මිදුළුවලටම කාවදින තරම්ය. ඒවගේම කාලෝචිතයි.අපිට අපේ රට ගැන නැවත කියවීමකට දිශාගත කරනවා.   එකම ගැහැනියක් බෙදාගන්න තරම් සමඟ ජාතියකට අද සංහිදියාව උගන්නනවා. 1815 පස්සේ අපි කුල ඉස්සරාට දාගෙන බෙදුනා. ආගම් ඉස්සරාට දාගෙන බෙදුනා. දැන් පක්ෂ ඉස්සරාට දාගෙන බෙදිලා ඉන්නවා. ආගමික නායකත්වයන් පවා කුලගොත් වලට බෙදිලා. අපි තව තවත් බෙදිලා තව තවත් යහමින් මරාගන්නවා. අපි දන්නෙම නෑ අපේ කුඹුර බෙදිලා. අපේ ගඟ බෙදිලා. අපේ පන්සලබෙදිලා. අපිට ඉදිරියේදි බෙදන්න වෙන්නේ අපේ ඇට කටුටික විතරයි. මෙහෙම ගියොත් අපිට අපේ හදවත් බෙදාගන්න වෙනවා ධමනි ශිරා කියලා.

නූතනයේ ජීවත් වෙන සයිබර් පරම්පරාවට ජැක්සන් අපුරු කතාවක් කියනවා. අපි ඉස්සර හිටියේ මෙහෙමයි කියලා අතීතයට අපිව එක්කගෙන යනවා. අපිට හිතන්න මොහොතක් ඉතිරි කරල වේදිකා ප‍්‍රදර්ශනය ක‍්‍රමානුකූලව නවත්තනවා. චිරාගත සම්ප‍්‍රදායානුකූලව කන සාක්කුවේ දාගන්නේ නැතුව දෙකක් ලඟ නවන්නත් ඉඩ හසර හදලා දීලා, කන බොන ගමනුත් සිනමා සොකරිය ගැන හිතන්න යමක් ඉතිරිකරනවා. 1930 ජැක්සන් ඇන්තනීගේ සිනමා සොකරිය ගැන බලලම අපි තවබොහෝ දේවල් කතා කරමු. මං දැකපු පිංතූර ටික පහලින් දාලා තියෙනවා බලන්නම වටිනවා….

 

post add media course 01

Leave A Reply

Your email address will not be published.