උණුසුම් පුවත්
ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව හෝ ඇති වුනේ නැත්තම්, මේ අවුරුද්දේ ජානාධිපතිවරණය තියනවා..මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පාගමනක්

ඉතිහාසයේ පළමු වරට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත් online ක්‍රමයට

0 219

ඉතිහාසයේ පළමු වරට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත් online ක්‍රමයට නිකුත් කිරීම අරඹයි

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත් ලබාගැනීමට මේ වනතෙක් සිදුකෙරුණේ, විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණ අයදුම්කිරීම් මතයි.

මෙහි දී අයදුම්කරුවන්ට දිවයිනේ කවර ප්‍රදේශයක සිට හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට සිදුවීම, දිනපතා අයදුම්කරුවන් විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් සහතික පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් වැඩි කාලයක් ගතවීම වැනි ගැටළු මතුව තිබුණා. මේ තත්වයට පැහැදිලි විසඳුමක් ලබාදෙමින් ඩිජිටල් තාක්ෂණයේ සහාය මේ සඳහා ලබාගැනීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි මේ වනවිට වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ.

ඒ, මෙරට අධ්‍යාපන පද්ධතිය තුළට තවත් විප්ලවීය වෙනසක් එක්කරමින් ඉතිහාසයේ පළමුවරට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතිකපත් නිකුත් කිරීම online ක්‍රමවේදයට සිදුකිරීමයි. අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ විශේෂ උපදෙස් මත විභාග දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම වෙනුවෙන් 2017ඔක්තෝබර් මස පත් කළ විද්වත් කමිටුවේ විද්‍යාත්මක නිර්දේශ මත ක්‍රියාවට නංවන ලද ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

ඒ අනුව, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත් ලබාගැනීම වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුවට පැමිණීම මින් ඉදිරියට අවශ්‍ය නොවන අතර, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අලුතින් යාවත්කාලීන කරන ලද www.donets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඕනෑම අයදුම්කරුවෙකුට පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ අදාළ සහතික ඉතා පහසුවෙන් ලබාගත හැක.

මෙම සහතික බෙදා හැරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව හා තැපැල් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් ද පසුගියදා  අත්සන් තැබුණු අතර ඒ අනුව, දිවයිනේ දුර බැහැර ප්‍රදේශයක සිටින අයදුම්කරුවකුට වුවද, විදේශගතව සිටින අයදුම්කරුවකුට වුවද මෙම online ක්‍රමය හරහා පැය 48කට නොඅඩු කාලයක් තුළ අදාළ සහතිකපත් ලබා ගැනීමේ පහසුකම සැලසී තිබේ

post add media course 01

Leave A Reply

Your email address will not be published.