උණුසුම් පුවත්
ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායක

කොරල්පර වගා කිරීම හා සංරක්ෂණය කිරීමට පියවර

0 235

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව 2019 ජුනි 25 වන දින මාතර, පොල්හේන වෙරළ තීරයේ කොරල්පර වගා කිරීමේ හා සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

ජාතික ඔලිම්පික් දින සැමරුම 2019 ජුනි මස 25 වන දිනට යෙදී තිබූ අතර, එයට සමගාමීව පරිසර සුරක්ෂිතභාවය සහ තිරසාරභාවය පිළිබඳ ගෝලීය හවුල්කරුවකු වන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව මෙම කොරල්පර වගා කිරීමේ හා සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

වර්ථමානය වන විට විවිධ හේතූන් නිසා විනාශ වෙමින් පවතින කොරල්පර ආරක්ෂා කර ගැනීම මෙහි මූලික අරමුණ වන අතර, මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ අධීක්ෂණය යටතේ වසර තුනක් දක්වා අඛණ්ඩව පවත්වාගෙන යාමට නියමිතය. තවද ජාතික ඔලිම්පික් කමිටුව විසින් කොරල් සංරක්ෂණය හා සමුද්‍ර ජීවය පිළිබඳ තොරතුරු කේන්ද්‍රයක් ද ආරම්භ කර ඇත.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය සහභාගී වූ අතර, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, රොෂාන් ප්‍රනාන්දු මහතා ඇතුළු ප්‍රදේශයේ ප්‍රභුවරුන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

මිට අමතරව නාවික හමුදාවේ පූර්ණ අධීක්ෂණය යටතේ දිවයිනේ වෙරළ ප්‍රදේශ රැසක කොරල් නැවත වගා කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, මෙය නාවික හමුදාවේ නීල හරිත පාරිසරික සංකල්පය යටතේ සිදුවන පරිසර හිතකාමි ව්‍යාපෘතියකි.

 

post add media course 01

Leave A Reply

Your email address will not be published.