උණුසුම් පුවත්
ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායක

බැතිමතුන්ට දින 365 විවෘත බත් දන්සලක්

0 186

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ශ්‍රී මහා බෝධිය අසළ දින 365ම ක්‍රියාත්මක දන්සලෙන් අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට දිවා ආහාරය ගත හැකි බව අමාත්‍ය පී. හැරිසන් මහතා සැදැහැවතුන්ට ආරාධනා කර සිටියි

ගොවීන් විසින් තම අස්වැන්නෙන් සකසා ගත් දානය අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට පිරිනැමීමත්, මහා සංඝරත්නයට පිළිගැන්වීමත්, සැදැහැවතුන්ට දිවා ආහාරය පිරිනැමීමත් අද සිට නොකඩවා ක්‍රියාත්මක වන බවත්, එහි අධීක්ෂණය ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව විසින් සිදුකරන බවත් අමාත්‍යවරයා කීය.

අතීතයේ රජ දවස රාජ මහාමාත්‍යාදීන් විසින් බැතිමතුන් හට දාන පිළිගැන්වූ මඟ යමින්, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ප්‍රමුඛ අටමස්ථානය වැඳපුදා ගැනීමට අනුරාධපුර පුදබිමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව උදෙසා දින 365 පුරාම මෙය ක්‍රියාත්මකය.

අටමස්ථානය අවට නිසි පරිදි ආහාරපාන ලබා ගැනීමට පහසුකම් නොමැති වීම හේතුවෙන්, වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදු වේ. මීට පිළියමක් ලෙස අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ ඉල්ලීම පරිදි කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම දන්සල අද ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාවේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින්, වසරේ දින 365 ආවරණය වන පරිදි මෙම දන්සල ක්‍රියාත්මක කරන අතර, වන්දනාවේ පැමිණෙන සියලුම බැතිමතුන්ට සතියේ සෑම දිනකම දිවා ආහාරය මෙම දන්සල මඟින් ලබා ගැනීමේ පහසුකම අද සිට හිමි වේ.

 

post add media course 01

Leave A Reply

Your email address will not be published.