උණුසුම් පුවත්
ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..

“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

0 237

2025 වන විට ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම හා ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවිම යන අරමුණු පෙරදැරිව ප්‍රාථමික අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙත දෛනිකව උදෑසන දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (23) රත්නපුර කලවාන කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී ආරම්භ කෙරේ.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි “කිරෙන් සපිරි දැයක්” තේමාව යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන ජනාධිපති කාර්යාලය සහ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය එක්ව සංවිධානය කරනු ලබන අතර අධ්‍යාපන අමාත්‍යාංශය සහ පශූ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහය දෙයි.

මෙම වැඩසටහනේ පළමු පියවර වශයෙන් පළමු වසරේ සිට පහ වසර දක්වා දරුවන් ලක්ෂ හතරකට දිනකට කිරි මිලි ලීටර් 150ක් ලබාදීම සිදු වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව රස කළ කිරි වෙනුවට ප්‍රමිතිගත දියර කිරි පැකැට්ටුවක් ලබාදීම සිදු වෙයි. රජය මේ සඳහා වසරකට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන දහසකි.

පාසල් ළමුන් තුළ පවතින මන්දපෝෂණ තත්ත්වය මැඩ පැවැත්වීමත්, දියර කිරි පරිභෝජනයට මෙරට ජනතාව හුරු කරවීමත්, ලංකාව තුළ දියර කිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීමත්, කිරිපිටි ආනයනය සඳහා වසරකට වැයකරනු ලබන ඇමරිකානු ඩොලර් 400ක විශාල පිරිවැය අවම කිරීමත් මෙම ජාතික වැඩසටහනේ අරමුණයි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.