උණුසුම් පුවත්
ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..

මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායක

0 221

ගලෙන්බිඳුනුවැව බාලසූරිය

අනුරාධපුර, තලාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කෝන්ගොල්ලෑව ගම්මානයේ එක්සත් සුභ සාධක සමිතිය සඳහා පුටු හා ජල ටැංකියක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ ජනාධිපති අපේක්ෂකයා පිළිබද දැඩි ස්තාවරයකින් අදහස් පැවසීය. ඉදිරි සති දෙක තුන ඇතුළත ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  අවසන් තීරණය ගන්නා බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය පැවැත්වෙන සැප්තැම්බර් 02 වැනිදා වන විට මෙම සාකච්ජා සාර්ථක වී  අනාගතයේ රටේ ජනාධිපතිවරයා පත් කර ගන්නා පුළුල් සන්ධානය බිහි කර ගන්න හැකි වෙතැයි විශ්වාසයක් කරන නමුත්, මොනම හේතුවක් නිසාවත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය -පොහොට්ටුවට දිය කරන්න සූදානමක් නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක,  දුමින්ද දිසානායක මහතා පැවසීය. 

“පහුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රථිපල ගත්තම පොහොට්ටුවට ලක්ෂ 50 යියූ.එන්.පී එකට ලක්ෂ 35 යිශ්‍රී ලංකා එකට ලක්ෂ  15 යිප්‍රාදේශීය සභා වැඩි ප්‍රමාණයක බලය ගියා පොහොට්ටුවට ඡන්ද ලක්ෂ 50 ක් නිසාමේ ප්‍රථිපලයම වැටුණොත් ජනාධිපතිවරණයට පොහොට්ටුවේ කෙනා ජනාධිපති වෙන්නේ නෑ.එයාට ජන්ද පහලොස් ලක්ෂ එකක් අඩුයි.ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 35 ක් ගත්ත එක්සත් ජාතික පක්ෂයට තව ලක්ෂ තිහක් ඕනලක්ෂ 15 ක් තියෙන අපිට තව ලක්ෂ 50 ක් ඕන.එහෙම නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ 15 නැතිව කාටවත් ජනාධිපතිවරයෙක් හදන්න පුළුවන්කමක් නෑදැන් ලක්ෂ 50 ක් තිබ්බට වැඩක් නෑලක්ෂ 15 ව නැතිව.ඡන්ද ලක්ෂ 50 ක් තියෙන අය කොච්චර දැඟලුවත්කෑගැහුවත් අපේ ලක්ෂ 15 නැතිව දිනන්න බෑ.අපේ ඡන්ද ලක්ෂ 15 තමයි තීරණාත්මක බලවේගය වෙලා තියෙන්නේ.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවත් සමඟත් දැන් සාකච්ජා පවත්වාගෙන යනවාජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා සාකච්ජා කරලා තියෙනවා,ඉදිරියේදී තව සාකච්ජා කරනවා.හැබැයි සාකච්ජා වල තවම අවසන් තීන්දුවක් නෑ.අවසන් තීන්දුව ලැබුණට පස්සේ තමයි   පක්ෂයක් ලෙස අපි එකතු වෙනාවදකොහොමදමොනවදමොකක්දකරන්නේ කියලා තීන්දු කරන්නේ.හැබැයි මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර, තලාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කෝන්ගොල්ලෑව ගම්මානයේ එක්සත් සුභ සාධක සමිතිය සඳහා පුටු හා ජල ටැංකියක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්ය.පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ විමධ්‍යගත අරමුදලින් මෙම භාණ්ඩ බෙදා දීම සිදු කෙරිණි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.