උණුසුම් පුවත්
ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..

ඉදිරි සාකච්ජාවෙන් පස්සේ ජනපති අපේක්ෂකයා ගෝඨාභය නොවන්නත් පුළුවන් – දුමින්ද දිසානායක

0 193

 

ඉදිරි ජනාධිපතිවරණයෙදී ගෝඨාභය ජනපති අපේක්ෂකයා නොවීමටද ඉඩ කඩ ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ තඹුත්තේගම සෝලම ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය

ජනපති අපේක්ෂකයා පිළිබඳවත් වර්තමාන රටේ තත්ත්වය ගැනත් වැඩි දුරටත් අදහස් දැක්වු දිසානායක මහතා කියා සිටියේ
පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකයෙක් නම් කිරීම පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින සාකච්ජා සඳහා කිසිදු බාධාවක් නොවන බවත්. සාකච්ජාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කියපු මෛත්‍රී මහත්තයාත් පොහොට්ටුවෙන් කිව්ව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් අවසන් අපේක්ෂයා නොවන්නටත් ඉඩ ඇති බවයි.. එම තිරණය ගනු ලබන්නේ පොදු සංධානයේ නායකයින් ගේ අවසාන තින්දුව මත බව ඒ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

බණ්ඩාරනායක මහත්මයාගේ දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පක්ෂය කඩාගෙන ගිහින් වෙනත් පක්ෂයක් හදනවා.හැබැයි අවසානයේ ඒ කණ්ඩායම කොහෙද නවතින්නේ.අද ඒ හදා ගත්ත පක්ෂ නෑ.එදා විජය නැති වුණාට පස්සේ ඒ පක්ෂත් නෑ, මෙලෝ දෙයක් නෑ අවසානයේ අපේ මහ ගෙදරට එනවා.ඒ නිසා තමයි මම , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කාළයේ කිව්වේ අපේ පක්ෂයෙන්, ඈත් වෙලා -තරහා වෙලා ගියපු කට්ටිය මහ ගෙදරට එන්න වැඩි කාළයක් යන්නෙ නෑ, අපි හැමෝටම අවසානයේ ඉතිරි වෙන්නේ මහ ගෙදර මිසක්, වෙනත් තැනක් නෙමෙයි.සාමාන්‍යයෙන් අපේ ගම් වල සමහර අයත් තරහා වෙලා නැන්දලාගේ, සීයලාගේ ගෙදර යනවා, ගමෙන් යනවා.හැබැයි අවසානයේ මහ ගෙදර- මහගෙදරමනේ.ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි ශක්තිමත්ව මේ ගමන යන්න සූදානම් වෙන්න.අපි බෙදෙන්න ඕන නෑ, හදිස්සි වෙන්න ඕන නෑ.

දැන් පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා නම් කරපුවහම මේ රටේ සමහර අය හිතන් හිටියා ශ්‍රී ලංකාකාරයෝ සේරම ගිහින් පොහොට්ටුවේ හිටගනියි කියලා.ශ්‍රී ලංකාකාරයොන්ට ඕනකමක් තියෙනවාද පොහොට්ටුවේ ගිහින් නිකං හිටගන්න.අර ඉන්න ලැයිස්තුවේ අවසානයෙන් හිටගන්න ඕනකමක් තියෙනවාද? හැබැයි අපි එකට ඉඳලා අපි අපේ බලයත් එක්ක සම්බන්ධ වුණොත්, ඒ බලය තියෙන කණ්ඩායමට තමයි මේක හැසිරවීමේ හා පාලනය කිරීමේ බලය ලැබෙන්නේ.

විමල් වීරවංශගේ පක්ෂයෙන් තව කෙනෙක්ගේ නමක් කිව්වොත්, දිනේෂ් ගුණවර්ධන මහත්තයාට, වාසූ දේව මහත්තයාට පක්ෂ තියෙනවා.අපි හැමෝම එකතු වෙලා සාකච්ජා කරන කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කියපු මෛත්‍රී මහත්තයාත් නොවෙන්න පුළුවන් අපේක්ෂකයා, පොහොට්ටුවෙන් කිව්ව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් නොවෙන්න පුළුවන් අපේක්ෂකයා.සමහර විට අපි හැමෝම එකතු වෙලා එක තීන්දුවක් දෙන්න පුළුවන් හැමෝටම මධ්‍යස්ථව සහය දෙන්න පුළුවන් මේ රටේ ජනාධිපති අපේක්ෂකයා දිනේෂ් ගුණවර්ධන කියලත් අපිට හිතෙන්න පුළුවන්, තීන්දු වෙන්නත් පුළුවන්.නැත්නම් එහෙම නෑ මේ රටේ හොඳම අපේක්ෂකයා, සන්ධාන ගත වෙලා දිනන්න පුළුවන් අපේක්ෂකයා විමල් වීරවංශ කියලා එන්නත් පුළුවන් සමහර වෙලාවට.ඒ නිසා මම කිව්වේ පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් නම් කළා කියලා මේ සාකච්ජා වලට කිසිම බාධාවක් නෑ.ජනාධිපතිවරණය ජයග්‍රහණ කරන වැඩසටහනේ සියලු පාර්ශවකාරයින් ගන්න අවසාන තීන්දුව තමයි, අවසාන අපේක්ෂකයා තෝරන තීන්දුව බවට පත් වෙන්නේ.රටේ ජනාධිපති විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපි කිව්වට මෛත්‍රී මහත්තයා කියලා, එයා වත්මන් ජනාධිපති වෙලත් එතුමා නෙමෙයි නම් තීන්දුව, වෙන පක්ෂයකින් නම් කරන කෙනෙත් නොවෙන්න පුළුවන් තීන්දුව.

 

post add media course 01

Leave A Reply

Your email address will not be published.