උණුසුම් පුවත්
මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව හෝ ඇති වුනේ නැත්තම්, මේ අවුරුද්දේ ජානාධිපතිවරණය තියනවා..මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පාගමනක්උතුරේ බෞද්ධ උරුමයන් රැුකදෙන මෙන් ඉල්ලා නයාරු ගම් වාසීන් සාමකාමී උද්ඝෝෂණයක..උපවාසය අත්හැරීමට රතනහිමියෝ තිරණය කරයි.අසාත් සාලිය – හිස්බුල්ලා ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට.ත්‍රස්තවාදී සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක් අත්හිටුවයිඅත්බෝම්බ 13 ක් බදුරලියේ පාසලක් අසල.

වගා හානි වන්දී ලෙස ලක්ෂ 240ක මුදලක් මාතලේ ගොවින්ට පිරිනැමේ.

0 127

මාතලේ දිස්ත්‍රික්කයේ වගා හානි සිදුවු ගොවි පවුල් 1046ක් වෙනුවෙන් වගා හානි වන්දි පිරි නැමීම 2019.08.20 දින පෙ.ව 8.30ට මාතලේ ‌හෝටල් පාසැල් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙහිදී ලක්ෂ 240ක මුදලක් වන්දි වශයෙන් ගෙවීමට නියමිතය. කෘෂිකර්ම වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් වන්දි ප්‍රදානය සිදුකෙරේ.

වී, ලොකු ළුෑණු, සෝයා, බඩ ඉරිගු හා මිරිස් යන භෝගයන් සදහා වගාහානියකදී කිසිදු රක්ෂණ මුදලක් ගෙවිමකින් තොරව අක්කරයකට රු. හතළිස් දහසකට උපරිමයකට යටත්ව වන්දි ප්‍රදානය කෙරේ. මීට පෙර වගා හානි වන්දි මුදල් ලබාගැනීමට රක්ෂණය වීම අනිවාර්ය වුවත් වර්තමානයේ රජය විසින් ඉහත භෝග පහ වෙනුවෙන් කිසිදු රක්ෂණ මුදලක් අය නොකොට වගාහානි ප්‍රදානය කෙරේ. 2018 වර්ෂයේ යල කන්නයේ සිදුවු වගා හානි වෙනුවෙන් මෙම වන්දි ප්‍රදානය සිදුකෙරේ.

post add media course 01

Leave A Reply

Your email address will not be published.