උණුසුම් පුවත්
ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායක

පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.

0 234
ගලෙන්බිඳුණුවැව බාලසූරිය

 

නියමිත ඉඩම් වන්දි නොලැබීම, ඉඩම් කට්ටි හතළිස් හතක් වෙනුවෙන් ලැබී ඇති මිලියන 91ක මුදල බෙදාදීමට අමාත්‍යවරයාට දිනයක් ලැබෙන තුරු මාස දෙකකට වැඩි කාලයක් රඳවා තබා ගැනීම, නොයෙක් ගැටලු මැද ජීවත්වන ජනතාවට ලැබෙන වන්දි මුදල බෙදාදීම සඳහා කිලෝමීටර් පනස් අටක් දුර ගෙවා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයට කැඳවීම, වන අලි ගම් වැදීම සහ අලි ප්‍රහාරයෙන් මිනිස්සුන් මිය යාම යන කාරණා මුල් කරගනිමින් ඔවුහු මෙම උද්ඝෝෂණයේ නිරත විය.
පහළ යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, පුහුදිවුළ, මාවතවැව, අලියාකඩ, වාගොල්ලාකඩ යන ප්‍රදේශවල විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටි අතර ඒ හේතුවෙන් හොරොව්පොතාන නගරයට දැඩි ආරක්ෂාවක් යෙදවිමටද පොලිසිය කටයුතු කර තිබුණි.

පොලිසියෙ දැඩි ආරක්ෂාව මැද පැය එකහමාරකට අධික කාලයක් උද්ඝෝෂණයේ නිරත වූ උද්ඝෝෂකයෝ අවසානයේ වාරිමාර්ග අමාත්‍ය පී. හැරිසන් මහතාගේ නමින් හැදු පඹයෙකු පිලිස්සීමට ගත් උත්සාහය පොලිසිය විසින් නවතා දැමීය. පසුව උද්ඝෝෂණයේ නිරත වූ කාන්තාවන් පිරිසක් එම පඹයා කඩා බිඳ දමා පාගමින් හූ කියමින් කෑ ගැසූ අතර මද වේලාවකින් ඔවුන් ද විසිර ගියහ.

 

post add media course 01

Leave A Reply

Your email address will not be published.