උණුසුම් පුවත්
ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව හෝ ඇති වුනේ නැත්තම්, මේ අවුරුද්දේ ජානාධිපතිවරණය තියනවා..මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පාගමනක්

වැසි ජලය යොදාගනිමින් සිදු කරනු ලබන විශාලතම පානීය ජල ව්‍යාපෘතිය ආරම්භ කෙරේ..

0 159

ශ්‍රී ලංකාව තුළ සැලසුම් කරන ලද, වැසි ජලය යොදා ගැනීමෙන් සිදු කරනු ලබන විශාලතම පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (30) පෙරවරුවේ වඩමාරචිචි ප්‍රදේශයේ දී සිදු විය. යාපනය ජනතාව දීර්ඝකාලීනව මුහුණ දී සිටින පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුමක් ලබාදෙමින් ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර වැය කෙරෙන මුදල රුපියල් බිලියන 02කි.

 

යාපනය දිස්ත්‍රික්කය දැඩි ජල හිඟයකින් පීඩා විඳින භුමි භාගයකි. මෙම ප්‍රදේශයේ එකදු ගංගාවක් හෝ නොමැති අතර කිසිදු මධ්‍ය පරිමාණ හෝ මහා පරිමාණ ජලාශයක් ද පිහිටා නොමැත. ඒ අනුව වර්ග කිලෝමීටර් 1012ක් විශාල මෙම ප්‍රදේශයට වාර්ෂිකව ලැබෙන මිලිමීටර් 1250කට අධික වර්ෂා ජලය ගබඩා කිරීමට හැකියාවක් නොමැති අතර ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා භූගත ජලය මත රඳා පැවතීමට සිදුව තිබේ.

වාර්ෂික වර්ෂාපතනයෙන් ලැබෙන වැසි ජලයෙන් කොටසක් පමණක් අර්ධද්වීපය තුළ පිහිටා ඇති වඩමාරච්චි, උප්පාරු සහ අලිමන්කඩ කළපු තුන තුළ රැදෙන අතර කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මහ මුහුදට ගලායන ජල ප්‍රමාණය ඝන මීටර් මිලියන 39කි.

යාපනය අර්ධද්වීපයේ වාර්ෂික පානීය ජල අවශ්‍යතාවය ඝන මීටර් මිලියන 18.28ක් වන අතර එම ප්‍රමාණය ඉතා පහසුවෙන් ඉහත කී ජල ප්‍රමාණයෙන් සපුරා ගැනීමට හැකියාව තිබෙන අතර, එම මූලික සංකල්පය මත පදනම්ව මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ.

 

post add media course 01

Leave A Reply

Your email address will not be published.