උණුසුම් පුවත්
ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..

මේ රට ගොඩගන්න නම් දැන් තියෙන ක්‍රමවේදය වෙනස් කරන්න අවශ්‍යයි – දුමින්ද දිසානායක

0 121

බාලසුරිය- ගලෙන්බිදුනුවැව

රටක් ගොඩනගන්න නම් දේශපාලඥයා නෙමෙයි වැසිකිලිය, පාර, බස්නැවතුම, හදන්න ඕන.අපේ රටේ මේ ක්‍රමවේදය නැති නිසා ළමයෙක් පාසලට දාන එකේ ඉඳන්, පොලීසියෙන් යතුරු පැදියක් ඇල්ලුවාම බේර ගන්න එකේ ඉඳන්, අවසානයේ කෙනෙක් මැරුණාම මිනිය ගන්න පශ්චාත් මරණ පරීක්ෂණය තියන එකටත් දේශපාලඥයාගේ උදව්ව ඕන.ඒ නිසා මේ රටේ වෙනස් වෙන්න ඕනකම තියෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, රට වෙනුවෙන් එකට සිටිමු අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩසටහන සම්බන්ධයෙන් නිළධාරීන් සමඟ පැවති සාකච්ජාවකදීය.ඔක්තොම්බර් 04 වැනි දින සිට ඔක්තොම්බර් මස 09 වැනි දින දක්වා අනුරාධපුර දිස්ත්‍රික් රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන හා ප්‍රදර්ශණය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එම වැඩසටහන හැදින්වීම හා ඒවා ක්‍රියාත්මක කෙරෙන ආකාරය සම්බන්ධයෙන් නිළධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ජාව පැවැත්විණි.එහිදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී හිටිසේකර, ජනාධිපති අත්රේක ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම, අධ්‍යක්ෂ ජනරාල් ගාමිණි වික්‍රමපාල, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එච්.එම්.බී.පී හේරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම වැඩසටහන සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍යය නිළධාරීන් දැනුවත් කිරීම සිදු කෙරිණි.

 

 

post add media course 01

Leave A Reply

Your email address will not be published.