අවුල නිමයි ජනපති සටනට සජිත්….
ජනපති සටනට අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම ඒක මතිකව සම්මතවෙයි..
මෙතෙක් කලක් තිබූ එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂකයා තෝරන උග්‍ර අර්බුදය ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සමකාමී ලෙස විසදාගැනිමට හැකිවී ඇත..
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරණ අපේක්ෂක ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කරනු ලැබූ අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලුම දෙනාගේ ඒකමතික අනුමැතිය යටතේ එම යෝජනාව සම්මත කෙරිණි.
ජනාධිපතිවරණ අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කිරීමත් සමඟ සිරිකොත අවට රැස් වී සිටි පාක්ෂිකයන් රතිඤ්ඤා දල්වමින් ඔල්වරසන් හඬ නගනු දැකගත හැකි විය.
මේ වන විට ඉදිරි ජනාධිපතිවරණ කටයුතු වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණේ ලේකම් ධුරය සදහා අමාත්‍ය රාජිත සේනාරත්න පත් කර තිබෙන අතර එමෙන්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සැකසීමේ කමිටුවේ සභාපතිත්වයට ද අමාත්‍ය රාජිත සේනාරත්න පත්කර තිබෙනවාග මීට අමතරව අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහෙයවීම භාරදී ඇත්තේ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ අමාත්‍ය කබීර් හෂිම්ටය.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කෙරුණු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද දිනයේදී ඇප මුදල් තැන්පත් කිරීමට නියමිතව ඇත.
පෙර සේම හංසයා ලකුණින් ජනපතිවරණ සටනට පැමිණෙන බව විවිධ ආරංචි මාර්ගවල සඳහන් වේ..
