උණුසුම් පුවත්
අල්ලස් ගත් පැල්මඩුල්ල පොලීසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවටඑ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත අබේසේකරය ඇප ලැබෙයිනායයෑම් නිවේදන පිළිබඳ සැලකිලිමත් වන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයසාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවල උපකාරක පන්ති තහනම්ආපදා ප්‍රදේශවල සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දෙයි…තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ සියළුම බදු වර්ග මුළුමනින්ම අහෝසියි – අමාත්‍ය බන්දුල ගුණවර්ධනඅගමැති ඇතුලු කැබිනට් මන්ඩලය හෙට ඉල්ලා අස්වෙයි ?…ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…

ලෝක සංචාරක දින සැමරුම් උළෙල අද(27) කොළඹදී ඇරඹේ

0 206

වඩා යහපත් අනාගතයක් උදෙසා සංචාරක සහ රැකියාවන් යන තේමාව යටතේ අද(27) කොළඹ ආකේඩ් පරිශ්‍රයේදී සංචාරක සංවර්ධන වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහ රාජ්‍ය රංජිත් අලුවිහාරේ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී ඇරඹීමට නියමිතය.

මෙවර ලෝක සංචාරක දිනය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ.එයට හේතුව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව බිඳ වැටුණු සංචාරක කර්මාන්තය නැවත ප්‍රතිශ්ඨාපනය කිරීමට මෙය උපයෝගි කර ගැනීමයි.මින් සංචාරක කර්මාන්තයට සීග්‍රයෙන් නැවත යථා තත්වයට පත් කිරීමත් මෙවර තේමාව වූ සංචාරක සහ රැකියා ප්‍රවර්ධනය කිරීමට මෙය දායක කර ගත හැකි වීමයි.

දෙදිනක් පුරා (27/28)ස්ථාන තුනකදී – කොළඹ බෙන්තොට සහ ආරුගම්බේහිදී මෙම උත්සවයන් පැවැත් වේ.කොළඹ ආකේඩ් පරිශ්‍රයේදී  පැවැත්වීමට නියමිත විශෂෙ  වැඩසටහන දෙදින පුරා සංචාරක ප්‍රදර්ශනයකින් සහ රැකියා පොළකින් යුක්ත වේ.මෙය නැරඹීමට පැමිණෙන ජනතාවට විවිධ පළාත් වලට ආවේණික වූ ආහාර රසවිඳීමටත් විනෝදාත්මක වැඩසටහන් නැරඹීමටත් අවස්ථාව සැලසෙනු ඇත

post add media course 01

Leave A Reply

Your email address will not be published.