උණුසුම් පුවත්
තද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

ලෝක පවුල් සැලසුම් දිනය අදයි..

0 148

ලෝක පවුල් සැලසුම් දිනය  (26) ට යෙදී තිබෙන අතර මෙවර තේමාව වන්නේ සිඟිති සිනහවයි- සොඳුරු කැදැල්ලයි යන්නයි ඒ වෙනුවෙන් සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය  මගින් දෙස් විදෙස් සම්පත් දායකයින්ගේ හා විශේෂඥ වෛදයවරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩමුළුවක් පැවැත්විණ.

වළක්වා ගත හැකි මාතෘ මරණවලින් 1/3 පමණ නිසි පවුල් සැලසුම් භාවිතයක් නොමැතිවීම නිසා සිදුවන අතර ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතය බෙහෙවින් පහළ මට්ටමක පවතින අතර  එම තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාම හා අවම කරගැනීම සඳහා  නිසි පවුල් සැලසුම් ක්‍රමවලට යොමු වීමේ වැදගත්කම හා ඒ තුළින් මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කරගැනීම අවධාරණය කරන ලදි.

ලොව දිනකට දරු උපත් 1000ක් පමණ සිදුවන විට නීති විරෝධී ගබ්සා 650ක් පමණ සිදුවේ.මෙම අනාරක්ෂිත ගබිසා තුළින් කාන්තාවන් 4700ක් පමන වසරකට මිය යයි.

නිරෝගි දරුවෙකු බිහිකිරීම සඳහා ත් මනා මාතෘ සෞඛ්‍ය සඳහාත් ගැබ් ගැනීමට හොදම වයස අවුරුදු විස්සක් 20 ත් 35 ත් අතර වීමත්, දරුවන්ගේ පරතරය අවුරුදු දෙකක් තුනක් අතර වීමත් වඩා වැදගත් වේ.  දරු ප්‍රසූතියෙන් පසු පවුල් සැලසුම් ක්‍රමයක් ලබාදීම පසු ප්‍රසූත සැලසුම් ක්‍රම ලෙස හැඳින්වේ. ප්‍රසූතියෙන් පසු රෝහලින් නික්ම යෑමට මත්තෙන් එය ලබා ගැනීම සාර්ථක බව වෛද්‍ය මතය වේ.

විශේෂයෙන් ලංකාවේ මාතෘ මරණ වලින් වැඩි ප්‍රමාණයක් හෘද රෝග සම්බන්ධ මව්වරුන් මිය යෑම තුළින් සිදුවන අතර එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා පවුල් සැලසුම් ක්‍රම සබුද්ධිකව භාවිතා කරන ආකාරය ගැන පැහැදිලි කිරීම සිදුවිය.

ශ්‍රී ලංකාවේ පවුල් සැලසුම් ක්‍රම වැඩි වශයෙන් භාවිතා කරන්නේ රත්නපුර දිස්ත්‍රික්කය 74% වන අතර අඩුම භාවිතා කරන්නේ මන්නාරම දිස්ත්‍රික්කය 18.4 % බව අනාවරණය වී ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහත, පවුල් සෞඛ්‍ය කාර්යාංශය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ම සිල්වා මහත්මිය ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අතුල කලුආරච්චි මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුබංගි හේරත් මහත්මිය, එක්සත් රාජධානියෙන් ශාන්ත ජෝර්ජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සබාරත්නම් මහතා ඇතුළු සම්පත්දායකයින් රැසක් මීට එක් එක්වූහ.

සකුන්තලා ජයවර්ධන

post add media course 01

Leave A Reply

Your email address will not be published.