උණුසුම් පුවත්
ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායක

මුලතිව් දිස්ත‍්‍රික්කයේ ඇහැටුගස් වැව මහා විද්‍යාලයේ සිසු දරුවන්ට විශේෂ ප‍්‍රශ්න පත‍්‍ර කට්ටල පරිත්‍යාගයක්…

0 75

මුලතිව් දිස්ත‍්‍රික්කයේ ඇහැටුගස් වැව මහා විද්‍යාලයේ සිසු දරුවන්ට විශේෂ ප‍්‍රශ්න පත‍්‍ර කට්ටල පරිත්‍යාගයක්

වැලිඔය අධ්‍යාපන කලාපයට අයත් ඇහැටුගස් වැව මහා විද්‍යාලයට ඊයේ (19) දිනයේ දි සිසු සෙවණ ආයතනය විසින් විශේෂ ප‍්‍රශ්න පත‍්‍ර කට්ටල පරිත්‍යාගයක් සිදුකර ඇතැයි වාර්තා වේ… සිංහල දරුවන් 457 පමණ අධ්‍යාපනය ලබන මෙම පාසලේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම නගා සිටුවීම සඳහා ලබාදෙන සහයෝගයක් ලෙස මෙම පරිත්‍යාගය සිදුකල බව එම සංවිධානයේ සභාපති කෝසල පත්තිනිගේ මහතා පැවසීය…

බෝහෝ දුෂ්කරතා මැද අධ්‍යාපනය ලබන මෙම දරුවන්ගේ එදිනෙදා අධ්‍යාපනය කටයුතු සඳහා පාසලට අවශ්‍ය ගුරුවරුන් සංඛ්‍යාව 32 පමණ වුණත් දැනට පාසලේ සේවයකරන්නේ ගුරුවරුන් 20 වැනි සුළු ප‍්‍රමාණයක් බව අපට වාර්තා වෙනවා… මේ ගුරු හිඟය නැති කිරිමට අධ්‍යපන බලධාරින් මෙතෙක් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැති වීමෙන් දිනෙන් දිනම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ලවන බව දෙමව්පියන් පවසයි…

සිසු සෙවණ සභාපති කෝසල පත්තිනිගේ මහතා අදහස් දක්වමින් කියා සිටියේ ඉතා දුෂ්කරව අධ්‍යාපනය ලබන මෙම පලාත්වල දරුවන්ගේ අධ්‍යාපන මට්ටම දියුණු කිරිමට තම සංවිධානයේ උපරිම ශක්තිය සහ කැපවීම ලබා දෙන බවයි. හැමෝම දරුවන්ට අභ්‍යාස පොත් ලබා දෙනවා ඒක සාමාන්‍ය දෙයක් නමුත් අපේ සංවිධානය තිරණය කලා විශය ප‍්‍රතිපෝෂණය කරණ විශේෂ ප‍්‍රශ්න පත‍්‍ර කට්ටල ලබා දෙන්න එතකොට දරුවන්ගේ අධ්‍යාපන මට්ටම හොද තැනකට ගේන්න පුලූවන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය..

post add media course 01

Leave A Reply

Your email address will not be published.