ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවහනය අද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි අද (15) දිවයිනේ සියලුම ඡන්ද මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ (සැලසුම්) චන්න ද සිල්වා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සිට ඡන්ද පෙට්ටි බෙදා හැරීම සිදු කෙරෙන බවද ඒ මහතා පැවසීය. මේ සඳහා ලංගම බස් රථ 1300 ක් යොදා ගනු ඇත.
