ඡන්දය ප්‍රකාශ කිරීම සමස්තයක් ‍ ලෙස පෙරවරුව සාමකාමීයි

0 64

ඡනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු පෙරවරුවේ ප්‍රශස්ත මට්ටමක පැවැති බව කැෆේ සංවිධානය පවසයි.

එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය සඳහන් කළේ අසන්න වශයෙන් 40% ක ප්‍රමානයක් මේ වනවිට ඡන්දය භාවිත කර ඇති  වාර්තා වන බවයි.

අද දිනයේ මේ වනවිට සිදුවීම් 54 ක් පමණ වාර්තා වී ඇති බවත් ඒ අතරින් බහුතරය ප්‍රචාරණ සිදුවීම් බව ඒ මහතා පෙන්වා දෙයි. නිති විරෝධි ‍ දැන්වීම් ප්‍රචාරණ සිදුවීම්, ඡන්ද සළකුණු ඇතුළත් කුඩා කාඩ්පත් විසුරුවා හැරීම් ආදී සිදුවීම් හැරුණු කොට බරපතල අකාරයේ සිදුවීම් කිසිවක්  මේ වනතෙක් වාර්තා වී නැති බවත්  කැෆේ සංවිධානය පවසයි.

කැෆේ සංවිධානය විසින්  මැතිවරණ දින නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 2200ක් පමණ දිවයින පුරා යොදවා ඇති අතර මැතිවරණ සමය සහ පශ්චාත් මැතිවවරණ සමය තුළ නිරීක්ෂණ කටයුතු මෙහෙයවීමට කැෆේ සංවිධානය සූදානමින් සිටියි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.