ගෝඨාභය රාජපක්ෂ මහතාට විශිෂ්ට ජයක්..

0 126

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ජන්ද6924,255 (52.25%) ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තේරීපත්වු බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටියා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජන්ද 556,4239 (41.99%) ක් ලබා ගත් බවත් අනුර කුමාර දිසානායක ජන්ද 418,553 (3.16%)ක් ලබා ගෙන ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ.
මෙම සමස්ථ ඡන්ද ප්‍රතිඵලය සැලකිල්ලට ගනිමි 7 විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අභිනවයෙන් පත්වන බවත් මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත මුළු ජන්ද ප්‍රතිශතය සියයට 83.72ක් බවත් ඔහු සඳහන් කර සිටියේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මැතිවරණය නිදහස් හා සාමකාමිව පැවැත්වීම ට උපකාර කරනු ලැබූ සියළු දෙනාට තමන් ස්තුතිය පුදකරන බවට ප්‍රකාශ කර සිටියා.

post add media course 01

Leave A Reply

Your email address will not be published.