අගමැති ඇතුලු කැබිනට් මන්ඩලය හෙට ඉල්ලා අස්වෙයි ?…

0 85

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම ට සුදුසු අගමැතිවරයෙක් හා කැබිනට් මන්ඩලයක් පත් කරගැනීම සඳහා වත්මන් අගමැති තුමා ඇතුලු කැබිනට් මන්ඩලය හෙට දිනයේදි බොහෝදුරට ඉල්ලා අස්වෙනු ඇතැයි දේශපාලන අරංචි මාර්ග පවසනවා.

මේ වන විට මුදල් අමාත්‍යවරයා ඇතුළු තවත් ඇමතිවරු රාශියක් පරාජය භාරගෙන ජනමතයට හිස නමා සිය තනතුරු සහ ධූර වලින් ඉල්ලා අස්වී ඇත.

සදාචාරාත්මකව ජනමතයට ගරු කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙන ලෙස බලපැම් කරමින් මහසංඝරත්නය සහ විවිධ සංවිධාන ප්‍රකාශ නිකුත් කර ඇත

මේ සියලු හේතු සලකා බලා යහපාලන ආණ්ඩුව හෙට දිනයේදී ඉල්ලා අස්වීමට තිරණය කළහොත්, අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් යුතු සීමිත කැබිනට් මණ්ඩලයකින් මීළඟ මහ මැතිවරණය පවත්වන තුරු භාරකාර රජයක් පවත්වාගෙන යාමට නව ජනාධිපතිවරයා අදහස් කරන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි…

post add media course 01

Leave A Reply

Your email address will not be published.