ජනපති ගෝඨභය සිය ධුරයේ වැඩ භාරගනී…

0 107

හත් වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) සරල කෙටි උත්සවයකින් එළඹුණු සුබ මොහොතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිය ධූරයේ වැඩ භාර ගත්තා.

මෙම අවස්ථාවට පැමිණි නව ජනාධිපති වරයා හිටපු ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළි ගනු ලැබීය.ඉන්පසු නව ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් හා ආචාර වෙඩි මුර පැවැත්වීම සිදු කෙරිණි.

අනතුරුව සිය කාර්යාලය වෙත ගිය ගෝඨාභය රාජපක්ෂ මහතාට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනය කොට ආශිර්වාද කළහ.ඉන්පසු සිය අසුන වෙත ගිය නව ජනාධිපතිවරයා පෙරවරු 10.51 ට නව ජනාධිපති ලේකම් වශයෙන් පත්වී සිටින ආචාර්ය පී.බී ජයසුන්දර මහතාගේ පත්වීම් ලිපියට අත්සන් කොට එය ඔහුට බාරදෙීමෙන් රාජකාරී ඇරඹීය.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගී විය.

මහාචාර්ය ජී.එල් පීරිස්,මහින්ද අමරවීර,ඩලස් අලහප්පෙරුම,දයාසිරි ජයසේකර,වාසුදේව නානායක්කාර,විමල් වීරවංශ,කෙහෙළිය රඹුක්වැල්ල,දිනේෂ් ගුණවර්ධන,මහාචාර්ය තිස්ස විතාරණ,බන්දුල ගුණවර්ධන,ඩග්ලස් දේවානන්ද,එන්.එම් චන්ද්‍රසේන,මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

post add media course 01

Leave A Reply

Your email address will not be published.