උණුසුම් පුවත්
හිරිහැරයට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දිවයිනට…CID හිටපු අධ්‍යක්ෂක ශානී ප්‍රකාශයක් ලබාදීමටCID යට…අල්ලස් ගත් පැල්මඩුල්ල පොලීසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවටඑ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත අබේසේකරය ඇප ලැබෙයිනායයෑම් නිවේදන පිළිබඳ සැලකිලිමත් වන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයසාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවල උපකාරක පන්ති තහනම්ආපදා ප්‍රදේශවල සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දෙයි…තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ සියළුම බදු වර්ග මුළුමනින්ම අහෝසියි – අමාත්‍ය බන්දුල ගුණවර්ධනඅගමැති ඇතුලු කැබිනට් මන්ඩලය හෙට ඉල්ලා අස්වෙයි ?…ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්

දේශීය උළු කර්මාන්ත කරුවන්ට සහන රැසක් ..

86

වහල සෙවිලි කිරීමට යොදා ගන්නා අස්බැස්ටස් තහඩු වෙනුවට සාම්ප්‍රදායික උළු භාවිතා කිරීම සඳහා ජනතාව දිරිගන්වනු පිණිස දේශීය උළු කර්මාන්ත කරුවන්ට සහන රැසක් ලබා දීමට රජය කටයුතු කරගෙන යයි.

පිටරට වලින් ගෙන්වන භාණ්ඩ සීමා කොට දේශීය කර්මාන්ත නැංවීම මෙහි අරමුණ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසීය.

ඒ අනුව සාම්ප්‍රදායික උළු, ගඩොල් හා කුඹල් කර්මාන්තයේ යෙදෙන සුළු කර්මාන්ත කරුවන්ට වැට් ලබා ගැනීම සඳහා පහසුකම් සැලසීම පිණිස වනජීවී සම්පත් හා පරිසර ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට ඇමති මණ්ඩල අනමැතිය හිමි වූ බවද ඒ මහතා කීය.
උළු, ගඩොල් හා කුඹල් කර්මාන්තයේ යෙදෙන නිෂ්පාදකයින්ට තම නිෂ්පාදන ක්‍රියාවලිය තිරසරව පවත්වාගෙන යාමට හැකිවන අයුරින් අමුද්‍රව්‍ය ලබා ගැනීමේදී දැනට පවතින් සංකීර්ණ බලපත්‍ර ක්‍රියාවලිය තවදුරටත් ලිහිල් කර වඩා කාර්යක්ෂමව හා පහසු ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහන් ගංගා, ඉවුරු වැනි පරිසර සංවේදී ප්‍ර‍දේශවලට බලපෑමක් එමගින් සිදුනොවන බවට තහවුරු කර ගැනීම සඳහාත් අවශ්‍ය විධි විධාන සැලසීම පිණිස පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ වගන්ති කිහිපයක් මේ අනුව සංශෝධනය කරන බවද රමේෂ් පතිරණ අමාත්‍යවරයා සඳහන් කළේය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.