උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

චීනය ප්ලාස්ටික් බෑග් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන තහනම් කිරීමට සැරසෙයි…

32

ප්ලාස්ටික් භාවිත කරන රටවල් අතර ප්‍රමුඛ ස්ථානයක සිටින චීනය, තනි කාර්යයක් සදහා භාවිත කරන ප්ලාස්ටික් සිය රට පුරා තහනම් කිරීමේ දැවැන්ත සැලැස්මක් හෙළි කර තිබේ.

2020 වර්ෂ අවසානයේ දී ප්‍රධාන නගරවල සහ 2022 වන විට සියලු නගරවල දිරාපත් නොවන පොලිතින් තහනම් කරනු ඇත.එමෙන්ම, 2020 අවසානයේ දී ආපනශාලා කර්මාන්තය තුළ එක්වරක් පමණක් භාවිත කර ඉවතලන බීම බට ද තහනම් කිරීමට කටයුතු කරනු ඇත.බිලියන 1.4ක ජන ගහනයක් සිටින චීනය තුළ වසර ගණනාවක සිට කැලි කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් විශාල ගැටලු පැන නැගී තිබිණි.

එරට පිහිටි විශාලතම කසළ බැහැර කරන ස්ථානය පාපන්දු පිට්ටනි සියයක් තරම් විශාල වන අතර, එය සැලසුම් කළ කාලයට වඩා වසර 25කට පෙර පිරී ඉතිරී ගොස්ය. 2017 වසරේ පමණක් නාගරික නිවාසවලින් ඉවත දමන කැලි කසළ ටොන් මිලියන 215 ක් චීනය තුළ එකතු කර තිබේ. නමුත්, ජාතික කසළ ප්‍රතිචක්‍රීකරණයට අදාළ දත්ත හෙළි වී නොමැත.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.